saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 3741 hours ago

LATEST

ලොරි චැසිවලට බස් බොඩි ගසන්න අවසර දෙන අයත් අනතුරුවලට වගකිවයුතුයි

calendar_today 2023 මැයි 24 - 20:00 remove_red_eye - 807  

’ලොරි චැසි මත බස් බොඩි ගසාගෙන’ ධාවනය කිරීමට අවසර දෙනු ලබන ප්‍රතිපත්ති සම්පාදකයන්ද මෙරට තුළ මහ මගදී සිදුවන අනතුරුවලට වගකිවයුතු යැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය කීර්ති අභයජීව මහතා අවධාරණය කරයි.

සෑම විදුලි පාරිභෝගිකයකුට ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් රුපියල් 3.50කට ලබාදීමට හැකියාව තිබියදී ඒ සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් 30ක් වැනි මුදලක් අය කරන බවත් මීට එරෙහිව හඬ නැගූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මෙරට ස්වභාවික රා අලෙවි නොවන බවත් මෙරට අලෙවි වෙමින් පවතින්නේ වලේ රා නැමැති අතිශයෙන් වස විස සහිත කෘතිම රා වර්ගයක් බවත් එය පානය කිරීමෙන් වකුගඩු ආබාධ, හෘදයාබාධ , පිළිකා , ඇතුළු රෝග ගණනාවක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පවසති .

Read More

මිහින්තලේ රජ මහා විහාරස්ථාන මැද මළුවේදී අද (24දා) පස්වරුවේ දී පැවති අවසන් පොසොන් කමිටු රැස්වීමේදී මිහින්තලය ආලෝක පූජාවට සහ මිහින්තලේ පෙරහැරට සහ මංමාවත් සඳහා ගෙවීමකින් තොරව විදුලිය ලබා දිය නොහැකි බව මිහින්තලේ විදුලි අධිකාරී දම්මික ප්‍රභාත් සරණතිස්ස මහතා විසින් නිල නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ එම කමිටු රැස්වීම අවසානයේ දී මිහින්තලේ නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විදුලි බිලට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.

Read More

රුපියල් තුන්කෝටි හතලිස් හත් ලක්ෂ පනස් දහසක් (රුපියල් මිලියන 34.75) වටිනා ඇමෙරිකානු ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී එහි සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා 05/24 දින සවස පැවසීය.

Read More

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

Read More

මුදල් ඉල්ලා නොදුන්නැයි උරනව දේශීය වෛද්‍යවරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පලා ගොස් සැඟව සිටි යාචකයා වසරකට පසු නාවල සුපිරි වෙළෙඳ සැලක් අසලදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා විදේශ ගත වීම හේතුවෙන් තාක්ෂණ අමාත්‍ය ධූරයේ වැඩ බැලීම සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පත්කර තිබේ.

Read More

මාර්ගවල වේග සීමා යෙදීමේ නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙහි ක්‍රියාත්මක කරමින් මෙම වසර තුල දිස්ත්‍රික්කයේම වේග සීමා යෙදීම අවසන් කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධනය අධිකාරිය ඇතුලු ඊට අදාල ආයතනයන්හි නිලධාරීන්ට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න දැනුම් දෙනු ලැබීය.

Read More

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධිය පිළිබඳ, නීතියට පිටින් කිසිවක් සිදුකිරීමට ඉඩකඩක් නොලැබෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ, එම මරණය සැක සහිත බවත්, එම මෘත දේහය නැවත ගොඩගෙන ස්වාධින පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට පැමිණෙන රෝගින් විශාල පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තාවේ.

Read More

යාපනය නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මගී යාත්‍රාවක් ඊයේ (23) දින මුහුදෙන් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පසුව නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර යාත්‍රා මගින් අනතුරට පත් යාත්‍රාවේ මගීන් බෙරාගෙන ඇත.

Read More

ජුලි මාසයේ සිට අඩුවෙන් විදුලිය පාරිභෝජනය කරන පුද්ගලයන්ගේ මාසික විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා නාවික හමුදාවද දායක වූ අතර මේ වන විට පෙරලී ගිය චීන යාත්‍රාවෙන් මළසිරුරු 14 ක් සොයාගැනීමට හැකි වූ බවට නාවික හමුදාව පවසයි.

Read More

හබරාදුව, හිනටිගල ගිනිගල මාර්ගයේ ( විකිරවත්ත) ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන යතුරු පැදිකරුවෙක් කළ වෙඩි තැබීමකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේ පිහිටා ඇති පනාරෙයා සංචාරක දුපතේ සංචාරක හෝටලයක රැකියාව කරමින් සිටියදි අනතුරකට ලක්වි ඉකුත් 19 දා ශ්‍රිලාංකිකයෙකු මියගොස් ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

Read More

දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර බලා ඊ‍යේ (23දා) රාත්‍රී 08.50 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අද උදෑසන 07.00 තෙක් ප්‍රමාද වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

Read More

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය රේගු ආදායම් සංරක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී.ප්‍රේමරත්න මහතා විසින් පවත්වා තිබූ අතර , එහිදී මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ , රන් බිස්කට් , ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර , මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

Read More

විශ්වවිද්‍යාලව ආචාර්වරුන්ගේ හිඟය මේ වනවිට 1,800 ඉක්මවා ගොස් තිබෙන බවත්, මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය දැඩි අර්බුයකට ලක්වෙමින් තිබෙන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

Read More

ප්‍රකට ව්‍යාපාරිකයකු සහ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය හෙට (25) යළි ගොඩගැනීමට අවසර දුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමටද ඊයේ (23) අවසර දුන්නාය.

Read More

දින 02ක් ඉක්මවා උණ පවතීනම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා අවධාරණය කරයි.

Read More

කොන්ත්‍රාත් සඳහා ඍජු සම්බන්ධතාවක් නොදැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් කාර්යාලවල ඉංජිනේරුවරුන් හා කාර්මික නිලධාරීන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට වෑන් කැබ් හා මෝටර් රථ කුලියට ලබා ගැනීම වෙනුවෙන් 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 23.6 ක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරියෙකු 22/5 කරන ලද විමසිමක දී ප්‍රකාශ කර තිබේ.

Read More

විදුලි බිල අධික ලෙස ඉහළ දැමූ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී පවුල් හාරලක්‍ෂ තිස්හයදහසක් විදුලි භාවිතයෙන් ඉවත් වී තිබෙන බව මහජන උපයෝගිතා කොමිෂම සඳහන් කරයි.

Read More

නව විදුලිබල පනත නීතිමය සහතික කිරීම් වෙනුවෙන් සහ පරිවර්තනය කටයුතු වෙනුවෙන් නීති සම්පාදක දෙපාර්තම්න්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කරණ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි

Read More

උද්ධමනය මධ්‍යස්ථ වීම, විනිමය අනුපාතිකය ස්ථාවර වීම සහ මහ බැංකුව සිය සංචිත නැවත ගොඩ නැගීම සමඟ රටේ සාර්ව ආර්ථික තත්ත්වය වැඩිදියුණු වීමේ තාවකාලික ධනාත්මක ලකුණු පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩලය සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පවසයි. කෙසේ වෙතත්, සමස්ත සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය පරිසරය තවමත් අභියෝගාත්මකව පවතින බවද ඔවුන් නිවේදනය කරයි.

Read More

ඉතාලියේ රෝම් අගනුවර කොරනේලියා ප්‍රදේශයේදි පෙරේදා 21 රාත්‍රියේ සිදුවු අනතුරකින් ශ්‍රි ලාංකික තරුණයෙක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ රෝම් අගනුවර පදිංචි මාන්නගේ මාර්කෝ නැමති 25 හැවිරිදි තරුණයෙකි.

Read More

ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතා කිරීමේ අවධානම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා වන සයිබර් ආරක්ෂණ පනත ස්ථාපිත කිරීම හරහා කිසිඳු මාධ්‍යයක් වාරණයට ලක් නොවන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි.

Read More

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් විශ්වවිද්‍යාල භූමියේ සිට මහනුවර දෙසට ගමන් කර වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණි .

Read More

මෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම අද (23දා) වන දින පානදුර ධීවර වරායේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී ෂෙන්හොංග් යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.