saravita-anim2

2025 ජුලි මස 19 වන සෙනසුරාදා

2025 ජුලි මස 19 වන සෙනසුරාදා

Latest News - timelapse 3099 hours ago

LATEST

නොරොච්චෝලේ දෙවැනි යන්ත්‍රයත් අත්හිටුවයි

calendar_today 2023 අගෝ 08 - 21:13 remove_red_eye - 427  

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ තවත් යන්ත්‍රයක විදුලි උත්පාදන කටයුතු අද (08දා) අත්හිටුවා තිබේ.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය දූෂණ-විරෝධී සම්බන්ධීකාරක රිචර්ඩ් නෙෆියු මහතා දිවයිනට පැමිණෙන බවත් ඔහු අගෝස්තු මස 8-9 දින ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read More

පසුගිය මස විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (08) සටහන් කළේය.

Read More

ගාල්ල ටයිටන්ස් කණ්ඩායම ලකුනු 89කින් පරාජය කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත්විය.

Read More

ඒ අනුව, ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට උක්ත පනත් කෙටුම්පත මගින් යෝජනා කොට තිබේ.

Read More

පැරිස් නුවර පැවති 2022 යුනෙස්කෝ සමු ප්‍රධාන තේමාව වූයේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම හෙවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් බවට පත් කිරීම බවත් ඊට අනුගත ව 2030 වන විට මෙරට අධ්‍යාපනය ද සකස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ සැසිවාරක දී අදහස් දක්වමිනි.

Read More

සිය භාරකාරීත්වය යටතේ සිටි පහළොස් හැවිරිදි සිය දියණියට බරපතල ලිංගික අපයෝජනය කළ පියෙකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා අපයෝජනයට දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් හා රුපියල් විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙසත් වන්දි මුදල් හා දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හය බැගින් වසරක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලෙසත් බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද(8) නියෝග කළේය.

Read More

මොනරාගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කොට්ඨාශයට අයත් ඇතිමලේ තැපැල් කාර්යාලයේ රුපියල් විසිහතරලක්ෂ විසිහත්දහස් නවසියහතළිහක වංචාවක් සිදුවී ඇතැයි මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබී ඇත.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන්ක්ති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට ප්‍රකාශයක් කිරිමට නියමිතය. 13 වැි ව්‍යවස්ථා සංශෝධනයට අදාලව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී විස්තර කිරීමට නියමිතය.

Read More

මීට මාස තුනකට පමණ පෙර දඩයක්කරුවකුගේ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා, දැනට අසාධ්‍ය තත්වයේ සිටින ’අග්බෝ’ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා විදෙස් විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් පැමිණීමට නියමිත බව අනුරාධපුර වන ජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

Read More

මහ බැංකුවේ සේවයේ නියුතු නිලධාරීන්ට තර්ජනය කරමින් ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට දෙනකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි

Read More

කදාන පොලිස් වසමේ නෑදුරූපිටිය පිහිටි පිරිසිදු කාරක නිශ්පාදන ආයතනයක අද උදෑසන ඇති වු ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාවේ ගණකාධිකාරීවරයා මිය ගොස්, ගින්නෙන් හට ගත් දුමාරය ආක්‍රමණය වු අවට පාසලක ශිෂ්‍යවන් 85 දෙනකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය හා රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

මධ්‍යම කදුකරයට සති කීපයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණය නිසා ජල විදුලිබලාගාර ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.

Read More

හාලිඇල මධ්‍යම පන්තික නිවාස යෝජනා ක්‍රමයේ නිවාස රැසක විදුලි උපකරණ රාශියක් ඊයේ (7) පස්වරුවේ හදිසියේ ගලා ආ අධිබලැති විදුලි ධාරිතාවකින් විනාශ වී ගිය බව ජනතාව පවසති.

Read More

උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සිහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 22,666 කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

Read More

නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අතර ඇති වුවේ යැයි කියන අරවුලක් සම්බන්ධයෙන් උරණ සැමියා බිරිඳට වෙඩි තබා ඝාතනය කර සැමියාද නිවස තුළ වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

Read More

2023 ජූලි මාසය අවසානෙය් දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම සියයට එකකින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

Read More

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම දකුණේ ද ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව දකුණේ ජනතාව කලබල විය යුතු නැති බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසීය.

Read More

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටත්, නිශ්චිත සැලසුමක් යටතේ සමනල වැව ජලාශයෙන් විදුලිය නිපදවීමට ජලය නිකුත් කිරීමටත් අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ.

Read More

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ මෙන්ම පසුගිය මැතිවරණවල මනාප ලක්ෂ 5කටත් වැඩි ප්‍රමාණයක් ලබා ගත් වත්මන් ජනාධිපතිවරයා විසින් කොළඹ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව මෙන්ම මධ්‍යම පාන්තික ජනතාව කොළඹින් එලවා දැමීමට උත්සාහ කිරීමම බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

Read More

සබරගමු පළාත් සභාව විසින් යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක කරන පෙර පාසල් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් අද (07දා) දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක සහ යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සමත්විය.

Read More

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත්, ජලාශය සහ මෙගාවොට් 60 බැගින් වූ ජනන යන්ත්‍ර දෙකක් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව මේ වසර අගදී ආරම්භ කළ හැකි බවත් ඉරාන තානාපති හෂෙම් අෂ්ජාසාදේ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දන්වා සිටියේය.

Read More

බම්බලපිටිය පොලිස් වසමේ මුහුදු මාවතේ පිහිටි ඉන්ධන හලක් අසළ අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණි වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝට මෝටර් රථයක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලීසිය කියයි.

Read More

මාධ්‍ය වාර්තා කළ පරිදි විදුලිය ගාස්තු සංශෝධනයක් සිදු නොවන බත් රජයේ ප්‍රතිපත්ති තීරණය වන්නේ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී පමණක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරිම බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව හා සංචාරක වීසා මගින් කාන්තාවක් ඩුබායි රැකියා සඳහා යොමුකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිකවැරටිය ,හැවැන්පැලැස්ස ප්‍රදේශයේ තැඹිලි ගසකින් තැඹිලි ඉත්තක් කැපීමට ගිය පුද්ගලයෙකු එම ගසෙන් වැටී මරණයට පත්ව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .

Read More

කහතුඩුව දියගම පාරේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක කෝවෙන් යකඩ දියර පිටතට විසිවී ඉන්දීය ජාතිකයන් හත් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලිසිය සඳහන් කරයි.

Read More

ඉඩම් අයිතිය කෙසේ වෙතත් ඉඩම් වගා කිරීමේ අයිතියට ඉඩදිය යුතු බවත් ආසියාවේ ඉදිරි දියුණුව ශ්‍රී ලංකාවට දායාද කළ හැකි දොරටුව ත්‍රිකුණාමලය බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.