ලොකු පැටිගේ මස්සිනා ඇතුළු තිදෙනා මුදා හරි
අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ව්‍යාපාරික ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාතාල නායක ලොකු පැටිගේ මස්සිනා ඇතුළු තිදෙනාප්රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැරිය බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
ඉකුත් 12 වෙනිදින මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබුණේ වැලි පැන්න ප්‍රදේශයේ නිවසක සිටියදීය.
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැලසුම්කරු ලෙස හඳුනාගෙන සිටි ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල නායක ලන්තුවා හන්දි පුෂ්පකුමාර හෙවත් ලොකු පැටි නැමැත්තා ගේ මස්සිනා පුද්ගලයන් කීපදෙනෙකු සමඟ වැලි පැන්න ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් එම සැකකරුවක් ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කිසිවක් අනාවරණය නොවූ බැවින් ප්‍රකාශ සටහන් කරගෙන මුදා හැරිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

