බබා කාගෙවත්ලු උප්පැන්නේ කාගෙවත්ලු
ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය බිහි කිරීමේ සියලු කටයුතු පසුගිය දෙවසරක කාලයක් තුළ අභියෝගතා රැසක් මැද අවසන් කර ඇති බවත් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය අවසාන කෙටුම්පතත් නීතිපති කෙටුම්පත් සම්පාදක වෙත මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යොමු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් ජනාධිපතිවරයා 1986 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටියදී ආරම්භ කළ විද්‍යාපීඨ මගින් වාර්ෂික ව බිහි කරනු ලබන ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තීක නිපුණතාව කාලීන අධ්‍යාපන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන වූ ගුණාත්මකභාවයෙන් ඉහළ උපාධියක මට්ටමට ගෙන ඒමේ අරමුණින් එම සියලු විද්‍යාපීඨ ඒකරාශී කර ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය ආරම්භ කරන බවයි. මෙවන් පසුබිමක් තුළ වෙනත් පාර්ශ්වයක් විසින් සිය අනාගත පාලන කාලයන්හි දී එම විශ්වවිද්‍යාලය ඉදි කරන බව පවසමින් පටු දේශපාලනික අරමුණු ඉටු කරගැනීමට මාන බලන බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

