saravita-anim2

2025 ජුලි මස 19 වන සෙනසුරාදා

2025 ජුලි මස 19 වන සෙනසුරාදා

Latest News - timelapse 3091 hours ago

LATEST

රිදියගම සෆාරි උද්‍යානයේ ඉපදුනු සිංහ පැටවූ 2ක් මහජන ප්‍රදර්ශනයට, නමක් දෙන්නත් අවස්ථාව

calendar_today 2023 අගෝ 10 - 14:45 remove_red_eye - 742  

රිදියගම සෆාරි උද්‍යානයේ ’’සිනා ’’ නැමති සිංහ ධේනුව විසින් බිහිකළ සිංහ පැටවුන් දෙදෙනෙකු 10 වනදා සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිදු කල විශේෂ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුව නොමග යවා 13 ඉක්මවූ බලය ‌බෙදීමකට සූදානම් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ අද (10දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Read More

රජරට මෙන්ම මුළු රටටම බලපෑ ඇති දැඩි නියඟය හේතුවෙන් පීදෙන ගොයම ආරක්ෂා කර ගැනීම සඳහා ’නිසි කලට වැසි වසීවා, කෙත් වතු සරු සාර වේවා’යි ප්‍රාර්ථනා කරමින් වැසි පිරිත් සජ්ජායනා කිරීමේ ආගමික වැඩසටහනක් ඊයේ (9දා) පස්වරුවේ දී ඓතිහාසික රුවන්වැලිසෑ චෛත්‍යය අබියසදී විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුනවැවේ ඥානතිලක නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා මහවැලි අධිකාරියේ එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ශ්‍රි ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධයෙන් ජාතික සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචි කටයුතු අත්හිටුවමින් එහි පරිපාලනය සඳහා තාවකාලික කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමගුල් පෙරහැරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණ පිරිසකට අවවාද කල තිදරු පියෙකුට ඊයේ (09) පස්වරුවේ හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදී ඇති පුවතක් වාද්දුව වේරගම ප්‍රදේශයෙන් වාර්තාවේ.

Read More

මොනරගල දිස්ත්‍රික්කයට බලපා තිබූ දැඩි නියං තත්වය නිමාකරමින් ඊයේ (09දා) සවස මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇදහැලුණු අතර අයිස්කැටද පොළොවට පතිතවූ බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 අගෝස්තු මස 08 වන දින පැවති රැස්වීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය ක‍ළේය.

Read More

ඒ වගේම ඇතැම් නිලධාරීන් සිය වගකීම නිසි ලෙස ඉටු කළත්, ඇතැම් නිලධාරීන් අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කරනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. 2048 දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉලක්කගත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් සියලුදෙනාම ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතුයි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එහි සේවකයන් සඳහා 2022 වර්ෂයේදී රුපියල් මිලියන 2,508ක මුදලක් අතිකාල දීමනා වශයෙන් වැඩි පුර ගෙවා ඇති බව පසුගිය 2වැනිදා නිකුත් කළ නවතම විගණන වාර්තාවේ සඳහන් වේ.

Read More

සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස්කිරීමට අවධානයක් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සීමාවාසික පුහුණු වැඩසටහනක් (Internship Program) ආරම්භ කිරීම පිළිබඳ අවධානය

Read More

ආසාත්මිකතා හා සංකූලතා ඇතුළු සිද්ධීන්ගෙන් මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයාබැලීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දුන්නේය.

Read More

ඉදිකිරීම්වල සිදුවි ඇති අක්‍රමිකතා, දුෂණ සහ වංචා සෙවීමට අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්.. තෙමසක් ඇතුලත වර්ථාවක් කැදවයි විගණන කමිටුව වර්ජනය කල අනධ්‍යයන විධායක නිලධාරින්ගේ මතයට කමිටුවේ විශේෂ සවන්දීමක් විශ්ව විද්‍යාල පාලක මණ්ඩලයට රජයේ මුල්‍ය රෙගුලාසි උල්ලංගනය කිරීමට නොහැකිබව අවධාරණය කෙරේ ගිවිසුම් කඩකළ ආචාර්යවරු 63 කගෙන් රු. මිලියන 25 ක් අයකර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස නියෝග මියගිය මහාචාර්යවරියකගේ ස්වාමියාට රු. මිලියන 7කට අධික මු

Read More

මාස අටකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියා අධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවස්ථාව තිබේ.

Read More

කොරියානු ජනරජයේ පැවැත්වෙන 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම, අගෝස්තු 9 වැනි දින කොරියානු ජනරජයට බලපෑමට නියමිත ඛනුන් සුළි කුණාටුව හේතුවෙන් අගෝස්තු 8 වැනි දින සෙමන්ගම් ජම්බෝරි භූමියෙන් ආරක්ෂිතව ඉවත් කරගන්නා ලද බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

ඉදිරි දින තුන තුළ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත විවාදය අත්හිටුවා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වස භංග යෝජනාව විවාදයට ගත හැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (09) පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

Read More

ඉදිරි මාස කිහිපය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අය කර ගැනීමේ ඉලක්කය රුපියල් මිලියන 400 ඉක්මවීමට හැකිවනු ඇතැයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක මහතා විශ්වාසය පළ කරයි.

Read More

බොරලැස්ගමුව වේරහැර බෝධිරාජපුරදී ඊයේ (8) රාත්‍රී ත්‍රී රෝද රථ රියදුරෙක් තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.

Read More

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 20 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටි තරුණියක් අද (09) දින උදැසන ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

Read More

හිටපු පොලිස් නිලධාරියෙකු ගස් බැද පහරදී ඝාතනය කිරීමේ සිද්දියක් 9 දින උදෑසන දඹුල්ල කණ්ඩලම 16 කොටස ප්‍රදේශයෙන් වාර් තා වී ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

Read More

හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 416 ක් සහ බෙල්ජියමේ නිශ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ලවී වසර හතරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයකු නිදොස් කොට නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ඊයේ (08දා) නියම කළේය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් ඊයේ (08) දින පස්වරුවේ කැළණි ගගේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වි ඇත.

Read More

කහපොළ රෙජිඩේල්වත්ත ප්‍රදේශයේ මාර්ගයට කසල බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමදී කාන්තාවකට පහර දී තුවාල සිදු කළ බව පැවසෙන එකම පවුලේ සිව් දෙනකු (08) දා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය පවසයි.

Read More

වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශ වලට මේ දිනවල බලපා ඇතිදැඩි අව් රශ්මිය හේතුවෙන් දිනකට ජලය ලීටර් මිලියන තුනක ප්‍රමාණයක් දෛනිකව වාෂ්පී භවනය වන බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි .

Read More

රටට ගැළපෙන පරිදි දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ හරහා රටේ අනාගතය මෙන්ම සංවර්ධනයද වේගවත් වෙනු ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ජලාශයේ අවම ජල මට්ටම වන ඩෙත් ලෙවල් එක යටතේ අක්කර අඩි 13000 ක පමණ දැනට තිබෙන බව ඉංජිනේරු වරිය පැවසුවාය.

Read More

සාම්ප්‍රදායික වගාව තුළ අක්කරයකට අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය කළද, නව ක්‍රමයෙන් අඹ පැළ 560ක් හා පේර පැළ 1,120ක් රෝපණය කිරීමට හැකියාව

Read More

විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රධාන දුම්රිය මාරගයේ දුම්රිය ධාවනය මෙන්ම ගිරිඋල්ල - මීරිගම මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ.

Read More

එංගලන්තයේ මේ දිනවල පැතිර යමින් පවතින කෝවිඩ්-19 ‘එරිස්’ ප්‍රභේදය පිළිබඳ මෙරට සෞඛ්‍යඅංශ අවධානය යොමු කර තිබේ.

Read More

ඔහු පෙන්වා දුන්නේරෝහල තුළ ඉන්සියුලින් නොමැති බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය වන බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.