ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙස මෙම වසර අවසන් වීමට පෙර පුරන් කුඹුරු හෙක්ටයාර් 11,000ක් යළි වගා කිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල අදහස් හා යෝජනා 2023-08-15 වන දින හෝ එදිනට පෙර ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම පක්ෂ හා කණ්ඩායම්වල නායකයන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
Read Moreරාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read More“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොව, ආර්ථික අවදානමක් සහිත, සමාජ සුබසාධක ප්‍රතිලාභ අවැසිම ප්‍රජාව එම තත්ත්වයෙන් මුදා ගැනීම ඉලක්ක කර ගත් විධිමත් වැඩසටහනක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreවිදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කර දැමුණු මිහින්තලා පුදබිමේ විදුලි බලය, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ බෞද්ධ උපදේශන කමිටුව හරහා බිල ගෙවා දැමීමෙන් අනතුරුව ඊයේ (4දා) විදුලිය නැවත ලැබුණු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පැවසූහ.
Read Moreශ්‍රී ලංකාව තුළ ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට කිලෝ මීටර් 05 ක වපසරියකින් යුතු ප්‍රදේශය තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් ගුවනේ යැවීම සපුරා තහනම් බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
Read Moreනුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජිවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුල්විම හෝ එම රක්ෂිත වල පිහිටි කදු තරණය කිරිම සහ එම කදුවල කදවුරු බැදිම (04) දින සිට සපුරා තහනම් කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.
Read Moreලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නොදමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය.
Read Moreචීන සහ තායිලන්ත ජාතිකයින් අයථා ලෙස මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්‍රයේදීම මිලදී ගැනීම හේතුවෙන් රජයට අපේක්ෂිත බදු මුදල් නොලැබීමේ ප්‍රවණතාවක්
Read Moreවිද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපකමිටුවට එම යෝජනාව ඉදිරිපත් කරන ලදුව 2024 ජනවාරි මස සිට අදාළ වැටුප් ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීම සඳහා කටයුතු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreමොනරාගල පොලිස් වසමට අයත් වැලියාය තෙල් පිරවුම්හල අසළ කුලී නිවසක නතරව සිටි වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ පදිංචි රජයේ දන්ත වෛද්‍යවරයෙකු ඉකුත් (03) වෙනිදා ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
Read Moreපැල්මඩුල්ල පොලිස් වසමේ ත්‍රි රෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ රියදුරු හා පසුපස ගමන් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
Read Moreමිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්‍රී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්,පන්දම් රැගෙන මිහින්තලා කන්ද තරණය කරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
Read Moreඅනුරාධපුර - පාදෙණිය මාර්ගයේ තඹුත්තේගම, ඊරියගමදී සිදු වූ රිය අනතුරකින් සිව් දෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි තඹුත්තේගෙම පොලිසිය කියයි. අද පෙරවරුවේ මෙම මාරක අනතුර සිදුව තිබේ.
Read Moreඑළඹෙන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත අයි.එම්.එෆ්.හි පළමු සමාලෝචනයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreවසර විස්සකට පසුව වලව කලාපයට ඇතිවූ දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා අද (03දා) සවස පැවසීය.
Read Moreඑකම පවුලේ සහෝදර සහෝදරියන් කීප දෙනෙකු සියදිවි නසා ගැනීමට හේතුව විෂාධිය බවත්,ස මාජය තුළ සියලු පුරවැසියන්, සමාජ වගකීමකින් කටයුතු කර මෙවැනි අවස්ථා දුරු කර ගැනීමට කටයුතු කළ යුතු බව තලාව ප්රාැදේශීය ලේකම් කොට්ඨාශයේ හදිසි මරණ පරීක්ෂක වෛද්යු එම්.පී.එස් ජයවික්රිම මහතා පැවසීය.
Read Moreඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුව වැළැක්වීමට අවශ්‍ය පිරිවැය මිහින්තලා පුදබිමේ නායක හිමිපාණන්ගේ උපදෙස් මත සමගි ජන බලවේගය සහ සමගි බෞද්ධ උපදේශක කමිටුව එක්ව පියවීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපොළොන්නරුව, දිඹුලාගල, පැළෑටියාව වැවේ 03 වැනිදා සවස මසුන් අල්ලමින් සිටි ධීවරයකුට දුර්ලභ රන්වන් කහ පැහැති, අඩි දෙකහමාරක් පමණ දිග ආඳෙකු හමුවී ඇත.
Read Moreගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මීට වසර 20කට පෙර ඔහුගේ නිවස තුළම ඝාතනය කර, ඔහු පැලඳ සිටි රන් අභාරණ සොරා ගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයෙකුට වසර 03ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් නියම කළේය.
Read Moreශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාවක සඳහා රජයේ මුදල් කිසිවක් භාවිතා නොකළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
Read Moreඒකීය රටක් තුළ බලය බෙදීමට එකඟ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඇමතිවරයා අවධාරණය කර සිටින්නේ පරිපාලන බලය බෙදිය යුතුයි යන ස්ථාවරයේ ආණ්ඩුව සිටින බවයි.
Read Moreලෝක වෙළඳපොළ තුළ ගෑස් මෙට්‍රික ටොන් 1ක මිල ඩොලර් 85කින් පමණ ඉහළ ගොස් ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති පවසයි.
Read Moreකොළඹ - 07 පදිංචි ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරික 41 හැවිරිදි ඔනේෂ් සුබසිංහ මහතාගේ මළසිරුර මාස 08 කට පසුව කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreපවතින දැඩි වියළි කාලගුණය හා ගෙවිතැන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ නොමැති බව පවසා ඊයේ (02) දින කිරි ගොවීන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.
Read Moreනිකවැරටිය පොලිස් වසමක අතුරුදන්ව සිටි 15 වියැති පාසැල් දැරිය කුරුණෑගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදි 02 දා රාත්‍රියේ පොලිස් භාරයට ගත් බව පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
Read Moreකාත්තාන්කුඩිහි පල්ලි කිහිපයක් ඉලක්ක කරමින් කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව සිහිකරමින් අද දිනයේදී කාන්තන්කුඩිහි පූර්ණ හර්තාලයක් පැවැත්වීය.
Read Moreකළාවැවට අවශ්‍යය ජලය කොත්මලේ ජලාශයෙන් නිසි පරිදී ලබා නොදීමෙන් මහවැලි එච් කළාපයේ වගා බිම් අක්කර 25000 ක් විනාශ වීමේ අවධානමක් මතුව ඇතැයි මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
Read Moreලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ සමාරම්භක අවස්ථාවේදී තමන් විසින් ජාතික ගීය ගායනා කළ ආකාරය අනුව කිසිවෙකුගේ හෝ සිත් රිදවිමක් සිදුව ඇත්නම් තමන් සමාව අයද සිටින බව උමාරා සිංහවංශ මහත්මිය සඳහන් කරයි.
Read Moreමෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිදුන් වැඩම කර වීමට මූලික වූ, මිහින්තලා පුද බිමේ විදුලි බලය අද (3 දා) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.
Read More