saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2955 hours ago

LATEST

බැලන්සයෙන් ව්‍යායාම කළ තරුණයාට බැලැන්සයෙන් මරුවා එයි

calendar_today 2023 නොවැ 16 - 15:20 remove_red_eye - 2183  

බර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයකු බැලන්සයෙ සවිකර තිබු ස්ප්‍රිනයක් පැන එය ගෙලට වැදි කැපි යාමේන් දරුණු තුවාල සිදුවිමේන් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

නවක හෙද හෙදියන් 2519 දෙනෙකු සෞඛ්‍ය සේවවාට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය හෙට දින (17) පෙරවරු 9.00 ට ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

Read More

2023/11/15 දින ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ (UNESCO )මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඡන්ද හිමි රටවල් 188න් 144ක (76% ක) ඡන්ද ලබාගෙන ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරී පත්වී ඇත.

Read More

රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් ( Capsules )16 ක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත , මෙම ගුවන් මගියා පැමිණි ගුවන් යානය තුළට ගොස් 11/16 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

රට බංකොලොත් වීමට තමන් ඇතුළු පිරිස වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව පිළිනොගන්නා බවත් ඒ සඳහා වග උත්තර බැඳීමට අවස්ථාව ලැබුණු විට වග උත්තර බඳින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර දී පැවසීය.

Read More

කූඨ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් 11/16 දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

Read More

එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සිය ස්ථානය වෙන් කර ගත්තේය.

Read More

කහතුඩුව පොල්ගස්ඕවිට හන්දියේ දී අද (15) දහවල් පෞද්ගලික බස් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පාසල් සිසුවියක ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය කියයි

Read More

එක්දින ක්‍රිකට් පිටියේ ශතක 50ක් රැස්කළ ලොව පළමු හා එකම පිතිකරුවා බවට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා අතරට එක්විය. ඒ ලෝක කුසලාන තරගාවලියේ පළමුවැනි අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිව පන්දු 113කදී ලකුණු 117ක් රැස්කරමිනි.

Read More

පොලිසියට ලද තොරතුරකට අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ භූමියේ රථ ගාල තුළදී හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක සහ තවත් පිරිමි පුද්ගලයකු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී බන්ධනාගාර නියාමකවරුන් පිරිසකගේ සම්බන්ධතාවය ඇතුව බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් මත්කුඩු ජාවාරමක සුලමුල හෙළිව තිබේ.

Read More

• සෞඛ්‍ය සැපයුම් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 10ක් ප්‍රමාදවීම පිළිබඳ අවධානය. • අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමෙන් පසු ඒ පිළිබඳ විශ්ලේෂණය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තාවේ කෙටුම්පත පිළිබඳ අවධානය • පාරදෘශ්‍යභාවය වැඩිකිරීම වෙනුවෙන් සියලු ආදායම් යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දැනුවත්කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විමර්ශන අඛන්ඩව දින තුනක් පැවැත්වීමට තීරණය කෙරේ අමාත්‍යාංශයේ මඟ පෙන්වීම ප්‍රමාණවත් නොවන බව අවධාරණය කෙරේ ක්‍රීඩා සමාජවල කටයුතු සම්බන්ධව අමාත්‍යාංශයේ මඟ පෙන්වීමේ දුර්වලතා ක්‍රිකට් ආයතනයේ නිසි ක්‍රියා පටිපාටිය සංවර්ධනය කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්ට නියෝග ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් කිරීමටත් නිර්දේශ

Read More

කවදත් අධිකරණයට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 1.8 %ක ආර්ථිකයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලයත් ක්‍රිකට් සඳහා පත්කර ඇති විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය.

Read More

ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල නල සවිකර තිබූ අඩි 6 ක් දිගින් යුත් කොන්ක්‍රීට් බැම්ම පෙරළීමෙන් එක් සිසුවියක් මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම විද්‍යාලයේ එක වසරේ ඉගෙනුම ලබමින් සිටි වැල්ලම්පිටිය වෙහෙර ගොඩ පදිංචිව සිටි ශෙහාන්ශා නෙත්සරනි (6) නැමැති දැරියයි.

Read More

රටේ ආර්ථිකය අර්බුධය තුළින් සිදුවූ බංකොලොත්භාවය තුළ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, අරගලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැහැදිලිව දක්වා ඇති බවත් ඊට අමතරව එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතන කේන්ද්‍රයේ මික් මුවර් මහතා ද මේ ඛෙදවාචකය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් බව ප්‍රකාශ කර ඇති බවත් එවක අගමැතිව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද විදේශීය

Read More

බිබිල පොලිස් වසමට අයත් බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 13 පමණ වයසැති පිරිමි ළමයෙකුට ඉකුත් දහතුන්වෙනිදා සවස ජංගම දුරකථනයක් මඟින් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ලිංගික අතවරකළ 46 හැවිරිදි විවාහකයෙකු ඉකුත් (14) වෙනිදා බිබිල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

වව්නියාව ඊච්චන්කුලම් පොලිස් වසමේ තරණීකුලම් කූරිසුට්ටකුලම් වැවේ තිබී ඊයේ (14) සවස කාන්තා මළ සිරුරක් සොයාගත් බවට පොලීසිය පැවසීය.

Read More

මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්නවාද? ලංකාවේ ඉන්නවා මිලියන 22ක් ජනතාව. ඒ සෑම කෙනෙක්ටම පුළුවන් අධිකරණයට ගිහින් මේ පුද්ගලයන් 07 දෙනාගෙන් රුපියල් 150,000ක් අය කර ගන්න. මොකද මේ පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 ගානේ ගෙවන්න තීන්දු කරලා තියෙනවා.

Read More

මෙවර අයවැයෙහි සමස්තයක් ලෙස වරදක් නොමැති බවත්, ’හරියට කළොත්’ බිම් මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක, හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More

බදුල්ල බිබිල මාර්ගයේ 20 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී අද (14) ගල්කුළු සහිත පස් කන්දක් කඩා වැටී මාර්ගයෙන් අර්ධයක් අවහිර වී ඇති බව පොලීසිය කියයි.

Read More

බලන්ගොඩ ගවරංහේන වැහින්තැන්න ප්‍රදේශයේ නාය යැමක් හේතුවෙන් නිවසක් සමිපුර්ණයෙන්ම පස් වලට යටවිමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ හතරදෙනාගේ සිරුරු අද (14) දා සවස සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ට අද (14) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

Read More

ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ නිසි ප්‍රමිතියට කටයුතු නොකරන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට කටයුතු කරන බවත් මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාල විය යුතු බවත් එවැනි සමාගම් මෙරට තුළ වේ නම් ඒවා ද අසාදු ලේඛන ගත කිරීමට කටයුතු සිදු කල යුතු බවද එමෙන්ම ඖෂධ ක්‍රියාවලිය මිනිසුන්ගේ ජීවිත සමග සිදු කරන ගනුදෙනුවක් වන බැවින් ඒ සදහා වාර්ෂිකව බිලියන ගණනක් වැය කරන බවත් ඖෂධ සමාගම් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ජනතාවට ලබා දිය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ම

Read More

පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබී සිනි කිලෝග්‍රෑම් 270,000 ක තොගයක් සොයාගත් බවත් එම තොගය විමර්ශන කටයුතු අවසන් වන තෙක් ගබඩාව තුළ මුද්‍රා තැබූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.