saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2963 hours ago

LATEST

ආනයනකරු සඟවා තැබූ සීනි මෙට්‍රික් ටොන් 270ක් අධිකාරිය භාරයට

calendar_today 2023 නොවැ 14 - 17:17 remove_red_eye - 307  

පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබී සිනි කිලෝග්‍රෑම් 270,000 ක තොගයක් සොයාගත් බවත් එම තොගය විමර්ශන කටයුතු අවසන් වන තෙක් ගබඩාව තුළ මුද්‍රා තැබූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

හොරණ ගෝනපොල ඇටබහේන නිවසක නිදා සිටි 7 හැවිරිදි දැරියක් පැහැරගෙන ප්‍රාණ ඇපයට ගෙන දැරිය මරා දමන බවට තර්ජනය කරමින් අමනාප වූ පෙම්වතිය පැහැරගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

Read More

සංචාරක වීසා භාවිතා කරමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යාමට තැත්කළ කාන්තාවන් 6 දෙනෙකු යළි හරවා යැවීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ නිළධාරීන් (SMPU) කටයුතු කර තිබේ.

Read More

කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සදහා විසදුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ( Self Check - in ) 08 ක් සහ ස්වයං සේවා ගමන් මලු භාර දීමේ යන්ත්‍රයක් ( Bag Drop ) 11/14 දින උදෑසන 10.30ට ස්ථාපනය කිරීමේ උත්සවයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී පැවැත්වුනි .

Read More

පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයෙකු ගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී අද (14) හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසයි .

Read More

ශ්‍රි ලංකා යුධහමුදා ගුවන් සංක්‍රමික බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව පෙරේරා මහතා අද (14) අළුයම හදිසියේ අසනීපව මියගොස් ඇති බව යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය .

Read More

’’ මම මැරෙනව මේකට කවුරුවත් වග කියන්න ඕනි නෑ. මගේ මරණ පරීක්ෂණයේදී කියන්න මට අයිඩින්ටියක් නෑ කියල . ඔයාල හැමෝම මට සමාවෙන්න ’’ යනුවෙන් ලිපියක් ලියා තබා වයස අවුරුදු දහසයක බාල වයස්කාර දැරියක් මහරගම දුම්රිය ස්ථානය අසලදී දුම්රියට පැන දිවි හානි කරගෙන ඇතැයි මහරගම පොලිසිය පවසයි .

Read More

සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ව්‍ මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට එවන ලදුව මඩකලපුව දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ ත්‍රීපෝෂ මළු අඩංගු දුම්රිය මැදිරියක් බිඳ ඒවා සොරකම් කර අලෙවි කළ කල පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස්. ගජනායක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය වැඩි කිරීමට කටයුතු කළ යුතුයි - වසර දහයකට පසු කෝප් කමිටුවට පැමිණි ප්‍රමිති ආයතනයට උපදෙස් පාර්ලිමේන්තුව මග හැරීම පිළිබද පිළිබඳ අප්‍රසාදය චක්‍රලේඛවලට පටහැනිව කාර්ය මණ්ඩලයට දීමනා ලබාදීම පිළිබඳ කඩිනම් විමර්ශන අමාත්‍යාංශයට සහ මහා මණ්ඩලයට වැඩි වගකීමක් අධ්‍යක්ෂ ජනරාල් පත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව නගා ඇති චෝදනා විමසීමේ වගකීම අමාත්‍යංශ ලේකම්ට කාර්ය මණ්ඩල දුක් ගැනවිලි සම්බන්ධයෙන්ද ස්වාධීන කොමිසම් වාර්තාවක් කැදවය

Read More

තලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලාව අසලදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තරුණයන් තිදෙනෙකු දරුණු කැපුම් තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

Read More

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත එම තානාපති කාර්යාලය පරිශ්‍ර යේදී දීපවාලී උත්සවයක් සංවිධානය කර තිබුණි.

Read More

බොරැල්ල ප්‍ර දේශයේ පවතින මහල් නිවාස සංකිර්ණයක තෙවැනි මහලෙන් බිමට වැටුණ දරුවෙක් තුවල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.

Read More

පිලිපීනයේ පැවති 22 වන ආසියානු ප්‍රවීණයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් 25 ක් , රිදී පදක්කම් 34 ක් සහ ලෝකඩ පදක්කම් 25 දිනා ගනිමින් සමස්ථ පදක්කම් 84 ක් දිනා ගනිමින් ආසියානු තරගාවලි පදක්කම් සටහනේ 08 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට කටයුතු කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 11/13 දින මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

ලබන වසරේ ඡන්දයක් තිබෙන බවට හරියටම දැනගත් බවත් ඒ අනුව යම් යම් සහන අයවැයෙන් ලැබී ඇති බවත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් තමන් සිය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා විදේශ ගත ශ්‍රමිකයින් විසින් රුපියල් කෝටි 240,000ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද දින (11/13) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැයේ සඳහන් බොහෝ කාරණා පසුගිය වර ඔහු ඉදිරිපත් කළ අයවැයේද ඇතුළත්ව තිබූ බවත් ඒ අනුව ඇතැම් කරුණු ක්‍රියාත්මක වී නොමැති බව පෙනෙන්නට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබේ.

Read More

අති සුඛෝපභෝගී නෞකාවක් වන රෙසිලන්ට් ලේඩි මගී නෞකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අද (13දා) සේන්දු විය‍

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට ලබා දුන් මුදල් හිතවතුන් අතර බෙදා දෙමින් අවභාවිතා කළේයැයි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ක්‍රිකට් සභාපති ෂම්මි සිල්ලා මහතා කළ චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ සතියේදී ක්‍රීඩා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට හෝ ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බවත් මත පළවෙමින් පවතින බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරික්ෂණයකට යොමු වන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

විදේශගත ශ්‍රමිකයින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 517.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අමාත්‍යධුරයේ වැඩ භාරගත් පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුලදී විදේශ ප්‍රේෂණ වශයෙන් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ලැබී තිබේ.

Read More

ලක්ෂ 100ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Read More

ක්‍රිකට් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.5ක් අයවැයෙන් වෙන් කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයේදී පැවැසීය. අඩුපහසුකම් සහිත පළාත්වල ක්‍රිකට් සංවර්ධනය හා පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරිමට මෙම මුදල් වෙන් කරයි.

Read More

ජනාධිපතිවරයා මේ දක්වා ගත්ත සෑම තීන්දුවක්ම නිවැරදි යැයි තමන් ඇතුළු පක්‍ෂය අනුමත නොකරන බවත්, ඒ තීන්දු තීරණවලින් රටේ වෙනසක් හෝ රට තිබෙන අර්බුදවලින් ගොඩගන්න පුළුවන් යැයි තවම අපට පෙනීගොස් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read More

පසුගිය කාලයේ ඇති වූ කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙන්ම ස්භාවික ආපදා සහ විපත් හේතුවෙන් විනාශ වූ පත් මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බිලියන 2ක් වෙන් කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි

Read More

එලැඹෙන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

වත්මන් රජය හෝ වෙනත් රජයක් යටතේ හෝ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීමට පියවර ගන්නා බවත් මේ වනවිට රට හැර ගොස් සිටින දක්ෂ ක්‍රීඩකයින් පවා මේ වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට සූදානමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග පවසයි.

Read More

රාජ්‍ය සේවකයන්ට මේ වන විට ලබාදෙන ජීවන වියදම් දීමනාව ලබන වසරේ ජනවාරි සිය රුපියල් 10000කින් වැඩි කරන බවත් එම වැඩි කරන මුදල ගෙවීම් ආරම්භ කරන්නේ ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

’’සමහර කණ්ඩායම් පඩි වැඩ කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. රාජ්‍ය සේවකයන්ට විතරක් නෙමෙයි මුලු රටටම ආමරුයි. පඩි වැඩි කිරීම හිතුමතේ කරන්න බෑ. රජයේ සේවකයන් පඩි ගෙවීමට රාජ්‍ය ආදයමෙන් සියයට 35ක් වැය වෙනවා. රජයේ සේවක පඩි වැඩිකිරීමට සල්ලි අච්චු ගහන්න වෙනවා. නැත්නම් බදු වැඩි කරන්න වෙනවා. එහෙමත් නැත්නම් ණයට ගන්න වෙනවා.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.