saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2706 hours ago

LATEST

අල්ලස් ගත් සබරගමුව හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරීනී වසර දෙකක් සිරගෙට

calendar_today 2024 ජන 11 - 21:12 remove_red_eye - 848  

රජයේ ඉඩමක වටිනාකම අඩුවෙන් තක්සේරු කරදීමට රුපියල් 35000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් සබරගමුව පළාත් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිණීයට මාස 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 32000/-ක දඩයකටද ඇය යටත් කළේය.

අද (11) දින රාජාංගනය ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කළ බව රාජාංගනය වාරිමාර්ග කාර්යාලය පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම පෙබරවාරි 15දාට ප්‍රථම ඉවත් කිරීමට හැකියාවක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

දැන් බලන්න විශේෂයෙන්ම වැට් එක ගහල ප්ලැට් වෙලා තිබෙනවා අපේ රටේ. වැට් එක ගහල ප්ලැට් වුණ අපේ රටේ අද උදේ බන්දුල ගුණවර්ධන නැගිටලා කියනවා අයි එම් එෆ් ක්‍රමවේදය හැර වෙන ක්‍රමවේදයක් නැහැ කියල මහ බැංකු අධිපති කියනවා අපි එය අනුගමනය කළ යුතුයිලු. මරු කතාව.

Read More

පොලිස් නිලධාරීන් බව පවසමින් පෞද්ගලික සම්බාහන ආයතනයකට ඇතුළුවී එම ස්ථානය පරීක්ෂා කර හිමිකරුට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තිදෙනෙකු අද (11)ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇල්පිටිය පොලිසිය පවසයි.

Read More

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරියේ යුතු බන්ධනාගාර නියාමකවරයෙකු හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 7500ක් සමග බලගොල්ල අඹකොටේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා විදේශයන්ගෙන් ටින්මාළු ගෙන්වීම අද දින (2024.01.11) සිට නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දෙන ලදි.

Read More

හොරණ සුපිරි වෙළඳ සැලකට ඇතුළු වූ පුද්ගලයකු විනාඩි නමයක් තුළදී රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලක් සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි

Read More

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තිරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් දිගින් දිගටම අසාර්ථකවෙමින් සිටින ශ්‍රි ලංකා හිටපු නායක දසුන් ශානක වෙනුවට නවක ක්‍රීඩක ෂෙවොන් ඩැනියෙල් කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට නොකඩවා ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් අනුරාධපුර නගරයට සහ පූජා නගරයට ඇති වන ගංවතුර තත්ත්වය මග හැරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණද මල්වතු ඔය, යාන් ඔය සහ කලා ඔය දෙපස සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස, අනුරාධපුර දිස්ත්‍රික් වාරි මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Read More

අනුරාධපුර , ගල්පොත්තේගම, කරුක්කන්කුලම ප්‍රදේශයේ ඵලදාව නෙලීමට ආසන්න බඩ ඉරිඟු වගාව තුල සීඝ්‍රයෙන් පැතිරී යන හඳුනා නොගත් දිලීර රෝගයක් හේතුවෙන් මේ වන විට වගා කර ඇති බඩ ඉරිඟු අක්කර 500ක පමණ ප්‍රමාණයක් විනාශයට පත්ව ඇතැයි ගොවීහු පවසති.

Read More

2024 අයවැය යෝජනා අනුව රාජ්‍ය නිලධාරීන් වෙත ලබන අප්‍රේල් මස සිට ගෙවීමට නියමිතව තිබූ වැඩිකල රුපියල් 10000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000 ක් මෙම ජනවාරි සිට ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් අමාත්‍ය මන්ඩලය ගත් තීරණයට අදාල චක්‍රලේඛය ඊයේ (10) රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කෙරිණි.

Read More

කුරියර් සේවාව හරහා මත්කුඩු ගෙන්වන ලද මත්කුඩු උතුර මැද පළාතේ මහා පරිමානයෙන් ජාවාරම් කල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ගේ පුත්‍රයෙකු වන සෝනි නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු රුපියල් ලක්ෂ 35 ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

Read More

කරාපිටිය රෝහලට මෙම වසරේ අත්‍යාවශ්‍ය උපකරණ සදහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

පිතිකරුවෙක් ලෙස දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකව සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි අද පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගයේදී කණ්ඩායමෙන් ඉවත් කිරීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වෙයි.

Read More

විපක්ෂය අපේක්ෂා කළ ආකාරයේ බරපතළ තත්ත්වයක් වැට් බද්ද හේතුවෙන් රට තුළ තවමත් සිදු වී නොමැති බවට පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් පාරිල්මේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (10දා) ප්‍රකාශ කළේය.

Read More

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට ’පාරේ බැස යාමට’ ප්‍රශ්නයක් ඇති බව පැවසුවත් සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ’පාරේ යෑමට’ හැකියාව පවතින බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

පවතින ආර්ථික තත්ත්වයට සහනයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රවාහන , පැමිණ සිටීමේ හා නිදි බාධක දීමනාව රුපියල් 35,000 කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය විරෝධවක් නොමැති මුත් පවතින තත්ත්වය හමුවේ හෙද සේවාවට ලබාදෙන විශේෂ රාජකාරී දීමනාවද රුපියල් 35,000 කින් ඉහළ නැංවීමට රජය පියවර ගතයුතු බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය , මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

Read More

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අද (10) දහවල් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

Read More

රටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.

Read More

උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වගේ අඩුවීමක් හෙට දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බිල නොගෙවීම නිසා පළාත් පාලන ආයතනවල විදුලිය විසන්ධි කිරීම නොකළ යුතුයි; විකල්ප බලශක්තිය සම්බන්ධතා නොදෙන විදුලිබල මණ්ඩලයේ හිතුවක්කරිකමට දඩ ගැසිය යුත්තේ කාටද ? --- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි

Read More

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නිරත 42 හැවිරිදි දුලාංජලී අනුරුද්ධිකා මහත්මිය ඝාතනය කළ පුද්ගලයා 01/09 දින රාත්‍රී මැලේසියාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිය දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

1979 වසරේ සිට අඛණ්ඩව 122 වරටත් ජර්මන් ජාතික සමාජ සේවිකාවක වන 81 හැවිරිදි උර්සුලා බේයර් ( Ursula Beier ) මහත්මිය 01/10 දින අලුයම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය

Read More

වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති සියලුම විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලැබීම නිසා, 2023 වර්ෂය වනවිට ගෙවීමට තිබූ සියලු හිඟ පර්තෝෂිත විශ්‍රාමිකයන් වෙත ගෙවා අවසන් කිරීමට හැකිවූ බවද එය මෙරට විශ්‍රාමිකයන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.01.10 දින ප්‍රකාශ කළේය.

Read More

රුපියල් කෝටි තුනකට අධික වටිනා කොකේන් ග්‍රෑම් 940 ක් සමග එක් පුද්ගලයෙකු (09) වන දින දහවල වැල්ලවත්ත පොලීසිය දූෂණ මර්දන ඒකකය මගින් පෙඩ්රිකා පාර මහල් නිවාස වාහන අංගනයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැල්ලවත්ත පොලීසිය පැවසීය.

Read More

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක ඉදිකිරිම් කටයුතු සම්පුර්ණ කිරීම සදහා ඉංජිනේරුවරයෙකු වන නහිල් විඡේසුරිය මහතා රුපියල් බිලියනයක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට පියවර ගෙන ඇත.

Read More

කොළඹ බදුල්ල මාර්ගයේ බණ්ඩාරවල බදුල්ල අතර ඊයේ (09) රාත්‍රී 9.30 ට පමණ සිදුවූ දැවැන්ත නාය යාම හේතුවෙන් මාර්ගය වැසී ඇති කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු අයහපත් කාලගුණය මධ්‍යයේ සහ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් අද (10) අලුයම දොළහයි තිහ පමණ වන විට තාවකාලිකව නතර කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල් .උදය කුමාර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.