පොලීසියේ ඉහළම පුටු 15ක වෙනසක්
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06දෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 06දෙනෙකුට පොලිස් අධිකාරීවරුන් තුන්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී තිබේ.
මේ අනුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.අයි.ඩී. ආර්. විජේසිංහ මහතා නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබෙන අතර, මාතර හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා ක්ෂේත්‍ර බළකා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුවීම ලබා දී ඇත.
අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල්. විජේසේන මහතා කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස හා කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි. බී.ටී. සුගතපාල මහතා අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස හා මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. එල්.යූ.එන්.පී. ලියනගේ මහතා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමට හා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. එස්.පී.සී. වෙදමුල් මහතා, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරු කර ඇත.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි පොලිස්පතිවරයාගේ නියෝග අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම ලබා දී ඇත.
මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ස්ථාන මාරුවීම මේ මස 25වනදින හා තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ හා පොලිස් අධිකාරීවරයෙකුගේ ස්ථාන මාරුවීම මේ මස 09වන දින සිට බලපැවැත්වෙන ලෙස සිදුවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

