saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2714 hours ago

LATEST

මතීෂ විස්සයි20 තරගාවලියට නම් කරයි

calendar_today 2024 ජන 10 - 06:12 remove_red_eye - 1073  

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායහ හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මෝටර් රථයෙන් පැමිණි සහසිකයෙක් කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි

Read More

බදුල්ල මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොකුගස්තොට විතාරණගේ චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

Read More

ඌරගස්මංහන්දිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකට හවස් යාමයේ පැන අසූදෙහැවිරිදි විවාහක ගෙහිමි කත බලහත්කාරයෙන් අතවරය කළේ යයි වරදකරුවකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිරදඩුවමක් හා රුපියල් 25000ක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (9) පස්වරුවේදී නියෝග කළේය.

Read More

නිරෝගීමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් රුපියල් මිලියන 176.5 වැයකොට සබරගමු පළාත් සභාවේ සහ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා ඉදිකරන ලද රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ අක්ෂි ඒකකය හි නව සිව් මහල් ගොඩනැගිලි සංකීර්ණය අද (09) විවෘත විය.

Read More

ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන පළමු ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතිය වන වත්තල, කෙරවලපිටිය 350MW සොබාදනවි ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා කොළඹ වරායට ගොඩබා ඇති වාෂ්ප ටර්බයින් (ST), වාෂ්ප ටර්බයින් උත්පාදක (STG), ප්‍රධාන පරිවර්තකය සහ තාප ප්‍රතිසාධන වාෂ්ප උත්පාදක (HRSG) උපකරණ 2024 ජනවාරි 03 වැනිදා සිට පෙබරවාරි මස අවසානය දක්වා වරින් වර දින 19ක් පුරා රාත්‍රී ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත.

Read More

චීන අග්‍රාමාත්‍ය ලී කියෑං (Li Qiang) විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත චීනය වඩාත් ශුභ ලෙස සලකන ‘මකරාගේ වසර’ සඳහා අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමීය.

Read More

ජාත්‍යන්තර පාසලක හිටපු ගුරුවරියක් සුඛෝභෝගී නිවාස සංකීර්ණයක අටවන මහලේ බැල්කනියෙන් වැටී මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

Read More

කළුතර ප්‍රසිද්ධ තරු පන්තියේ සංචාරක හෝටල් කාමරයක් තුල අද අළුයම ඇමරිකන් ජාතික සංචාරකයෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

Read More

වෛද්‍යවරුන්ට ලබාදෙන ප්‍රවාහන දීමනා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට අනුව සමස්ත සෞඛ්‍ය සේවාවටම වැටුප් වැඩි කිරීමක් වියයුතු බව සදහන් කරමින් පරිපූරක වෛද්‍ය සේවාවේ අංශ කිහිපයක් අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් රෝහල් රැසකම අංශ කිහිපයක කටයුතු අඩාල පැවතිණ.

Read More

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි කියන වෛද්‍යවරුන් හා සිවිල් ක්‍රියාකාරීන් සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරන බව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඊයේ (08දා) දැනුම් දුන්නේය.

Read More

වයස අවුරුදු 18 වැඩි සෑම පුරවැසියෙකු සඳහාම අනිවාර්ය කෙරී ඇති TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වැනිදා සිට ආරම්භ කිරීමට සූදානම් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More

යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකරන නීති විරෝධී ආකාරයට උපයා ගත් මුදල්වලින් මිලදී ගත් දේපල හා වත්කම් පිළිබඳ සොයා බලන මෙහෙයුම්වලදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් රුපියල් ලක්ෂ 1060ක් වටිනා වාහන සහ දේපල තහනමට ලක් කර තිබේ.

Read More

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (09දා) ඉදිරිපත් කිරීමට නියමිතය. මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කරමින් ඒවායේ සේවාවන් විධිමත් කිරීමත් එසේම ණය ලබාදෙන ව්‍යාපාර සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් මින් අපේක්ෂා කෙරේ.

Read More

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාවක් විදුලිබල මණ්ඩලයෙන්‍ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා පළ වුවත්, මෙතෙක් එවැනි යෝජනාවක් ලැබී නොමැති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

Read More

ඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින් ,සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියා වැළැක්වීම හා තුරන් කිරීම සඳහා රජය නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Read More

රට ආරක්ෂා කර ගැනීමට නම් බෞද්ධ භික්ෂුවක් රටේ නායකත්වයට පත් කර ගත යුතුව ඇති බවත් ඒ වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවර්ණයට තමන් වහන්සේ ඉදිරිපත් වන බවත් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ගම්පහ දී පැවසූහ.

Read More

ඉදිරි දින්‍ කිහිපයේදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බවත් දිවයිනේ දකුණු අර්ධගෝලයේ අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි ‌අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

Read More

ගෝඨාභය ජනාධිපතිවරයා වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18. ජනාධිපති ධූර කාලය වසර 5යිනෙ. එහෙම නම් වත්මන් ජනාධිපති භුක්ති විඳින ජනාධිපති ගෝඨාභය මහතාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2024 නොවැම්බර් 18.

Read More

රටේ මහත් ආනදෝලනයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිශ්පාදනය කළැයි කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරය විශේඥවරු කණ්ඩායමක්ගේ පරික්‍ෂාවට අද (08) ලක් කෙරිණී.

Read More

ආර්ථික අර්බුධ කාරීත්තවය නිසා 2022 මාර්තු මාසයේ සිට ලංකාවේ පවුල් 34,48,000 කට ආසන්න පිරිසකගේ ආදායම් පහලගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්ත මේන්තුව විසින් 2024.01.04 දින නිකුත් කරන ලද නවතම වාර්තාවකින් පෙනී ගොස් ඇති බවපේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සමඟ කල විමසීමකදී දින අනාවරනය කරන ලදී.

Read More

ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමට කටයුතු කර ඇති බවද, පසුගිය වසරේදී රටට ගෙනා ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න වන බවද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය.

Read More

ආයෝජන කටයුතු සදහා ඉඩම් බැහැරදීමෙන් ඉදිරි වසර 3ක කාලයේදී රුපියල් බිලියන 21ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

බංග්ලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් ඉරිදා බංග්ලාදේශයෙ පැවැති මහ මැතිවරණයෙන් තම ආසනය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය යටතේ මැතිවරණය තරග කළේය.

Read More

අ.පො.ස.සාමාන්‍ය පෙළ 2022 විභාගය සමත් ප්‍රතිඵල ප්‍රතිශතය අනුව අඛණ්ඩව නවවන වතාවටත් දිවයිනේ ප්‍රථම ස්ථානය දකුණු පළාතට හිමිවී තිබේ.

Read More

“අපේ රටේ කාන්තාවන්, දරුවන්ට අමාරුවෙන් කන්න දීලා තමන් බඩගින්නේ ඉන්නවා. බහෙත් මිල වැඩි වෙලා නිසා බෙහෙත් ගන්නේ නෑ. දැන් මේ රටේ බහුතරයක් ගැහැනු හරිහැටි කෑමක් නැතිව, හරි හැටි බෙහෙතක් නැතිව තමන්ගේ ජීවිතය මැරෙන්න දීලා බලාගෙන ඉන්නවා. මේ තත්වය වෙනස් කළ යුතුයි. ඒක වෙනස් කරන්න කාන්තාවන් ම පෙරමුණ ගන්න ඕනෑ.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේය.

Read More

බංග්ලාදේශයේ පැවැති මතභේදාත්මක මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට වත්මන් අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුත් අවානී ලීගය සමත්විය.

Read More

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න හෝමාගම කටුවාන කර්මාන්ත පුරයෙහි මීට මාස පහකට පෙර ගිනි ගත් රසායනයනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ කර්මාන්ත ශාලාවෙහි (07) දා රාත්‍රී සිට යළිත් අධික දුමාරයක් හටගෙන තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. පසුව දුමාරය හටගත් ස්ථානවලට වැලි දමා අලුයම වන විට දුමාරය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව පොලිසිය කියයි. මෙහිදී ගිනි ගැනීමක් හට නොගත් අතර කර්මාන්ත ශාලාවේ සිට කිලෝමීටර් හතරක් පමණ අවට ප්‍රදේශය පුරා ක්ලෝරීන් දුගද සහිත අධි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.