අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන ජාත්‍යන්තර පාසලක සිදුවෙක් හා සිසුවියක් දිවි නසා ගනියි
- 3 07 2024
- 09:35
- {{hitsCtrl.values.hits}} views
- බිමල් ශ්‍යාමන්
කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙක් සහ සිසුවියක් කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් සුඛෝභෝගී නිවාස සංකීර්ණයේ 67 මහලින්පැන සියදිවි නසාගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය පදිංචි සිසුවෙක් සහ සිසුවියක්ය.
මියගිය සිසුවිය සහ සිසුවා ජාත්‍යන්තර පාසලේ එකම පංතියක ඉගෙනුම ලබන අතර පාසල නිමවීමෙන් අනතුරුව ත්‍රීරෝද රථයක නැග පැමිණ ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
පසුව ඔවුන් දෙදෙනා එහි පැවැති සාදයකට එක්ව තිබේ. එම සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් බිමට පැන ඇති ඔවුන් දෙදෙනා එහි 3 වන මහලට වැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත
කොම්පඤ්ඤ වීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

