ADA
www.ada.lk
2025 ජුලි මස 06 වන ඉරිදා
අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී කඩඉම් විභාගයක් ලෙස නොපවත්වන බවද එම විභාගයෙන් 90000 කට ආසන්න වැඩි සිසු සිසුවියන් පිරිසක් අසමත් වන බවත්, ඊට පිළියමක් ලෙස තමන් කැමැති විෂය ක්ෂේත්රයක් ඔස්සේ අවුරුදු 13 ක අඛණ්ඩ අධ්‍යාපනයක් මෙරට සියලුම දරුදැරියන්ට ලබාදීමට ඉදිරියේදි ක්‍රියා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහහා පැවසීය.
බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (15දා) පැවැති 12 වැනි අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම් පියාඩ් තරගයෙන් ජයගත් සිසු සිසුවියන්ට උපහාර පිදීමේ උත්සවයයට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා
“ඉදිරියේදී අපි අධ්‍යාපන ක්ෂේත්රයේ වෙනස්කම් රාශියක් සිදුකරනවා. එහිදී ගණිතය හා විද්‍යාව යන විෂය ක්ෂේත්රයන් කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අපි කමිටුවක් පත් කර තිබෙනවා*.
මෙහිදී 12 වැනි අන්තර් ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 10 හා ලෝකඩ පදක්කම් 8 ක් දිනූ දරුදැරියන් උපහාරයට පාත්‍ර වූ අතර, ඔවුන්ට සහතික පත් හා පදක්කම් ප්රදානයක්ද සිදුවිය. ඊට අමතරව ගාල්ල මහින්ද විද්‍යාලයේ සඳරු තක්සර බලහේවා සිසුවාට හා රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ තිසර චන්දුප දසනායක සිසුවාට එම තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් විශේෂ ත්‍යාග පිරිනැමීමක්ද මෙහිදී සිදුවිය.
popular news
මර්වින් සිල්වාට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
22 හැවැරිදි අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අප ජල වලක තිබී හමුවෙයි
බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් කරයි
තම දියණියව අපයෝජනය කළ නරුම පියෙක් අල්ලයි
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් අපේක්ෂා රෝහලට පස් මහල් වාට්ටු සංකීර්ණයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd