විල්පත්තුවේ වරදක් සිදුව ඇත්නම් නිවැරදි කරන්න - ජනපති
මේ දිනවල නැවත විල්පත්තුව පිළිබඳව මාධ්‍ය වාර්තා පළවන බවත් එවැනි තොරතුරක් ලද වහාම ඒ පිළිබඳ සොයා බැලීම අදාළ ආයතනවල වගකීම බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
වරදක් සිදුව ඇත්නම් එය වහා නිවැරදි කිරීමටත්, එසේ නොවේ නම් මාධ්‍ය වාර්තා නිවැරදි කිරීමටත් පියවර ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඊයේ (19දා) පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරි ශ්‍රවණාගාරයේ පැවති ජාතික පරිසර සභාව අමතමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
ජාතික පරිසර ප්‍රතිපත්තියක් තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී කිසිදු රාජ්‍ය නිලධාරියෙකු බිය විය යුතු නැති බවත්, තමා ජනාධිපතිවරයා ලෙස පරිසර අමත්‍යාංශය භාරගනු ලැබුවේ පරිසර සංරක්ෂණයට අදාළව ගන්නා තීන්දු තීරණවලට කිසිවෙකුට අභියෝග කිරීමට ඉඩ නොතබමින් බව ද ඔහු සඳහන් කළේය.
මෙහිදී ජාතික පරිසර සභාවේ නව සභාපතිවරයා ලෙස කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යු.ඒ. චන්ද්‍රසේන මහතා තෝරා පත්කර ගෙන ඇත. පසුගිය වසරේ පරිසර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතායි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


