ගොඩනැගිල්ල කඩා වැටීමෙන් 27ක් රෝහලට
UPDATE
වැල්ලවත්තේ ගොඩ නැගිල්ලක් කඩා වැටීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන්ව කලුබෝවිල හා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
වැල්ලවත්තේ පස් මහල් ගොඩ නැගිල්ල කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූ පිරිස 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ඒ අනුව තුවාල ලබූවන්ගෙන් 13දෙනෙකු කළුබෝවිල රෝහලටත් තවත් 06දෙනෙකු කොළඹ ජාතික රෝහලෙත් ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
මේ අනුව තවදුරටත් ගිනි නිවීමේ ඒකකයේ සහ මූදාගැනීමේ නිලධාරීන් එක්ව තව දුරටත් අනතුරට ලක්වූ පිරිස් සොයා මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කරන බව පොලීසිය පවසයි.
මෙම අනතුරින් තුවාල ලැබූ 08දෙනෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇත.
වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් අනතුරට පත්වූවන් මූදා ගැනීම සඳහා මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයිද පොලීසිය පවසයි.
ඡායාරූප - ඉන්දික මනෝජ්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

