මහින්ද පක්ෂය දෙද්දී චමලුත් හිටියා
මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයා වූයේ නීත්‍යනුකූලව බවත්, දේශපාලන නායකත්වය කවුරු වුවත් පක්ෂය සමග සිටින බවත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ අද (21දා) ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති බදුල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩලය අමතමිනි.
"මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයා වුණේ නීත්‍යනුකූලවයි. ජනාධිපතිවරණයෙන් පසු දවසක මෛත්‍රීපාල ජනාධිපතිතුමා පක්ෂ නායක නිල නිවසට තනි වාහනයකින් ආවා. මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙකුත් හිටියා. මෛත්‍රී, මහින්ද කථානායක චමල් නිල නිවසේ උඩ තට්ටුවට ගිහින් සාකච්ඡා කරලා තමයි පක්ෂ නායකත්වය මහින්ද මෛත්‍රීට භාරදුන්නේ‘.
මහින්ද මෛත්‍රීට පක්ෂ නායකත්වය බාරදෙද්දී කථානායක චමල් එතන හිටියා. උඩ තට්ටුවේ ඉඳන් පහළ තට්ටුවට දෙන්නාම ආවෙ සිනාවෙමින්. මහින්ද අපි ඉන්න තැනම මෛත්‍රීට පක්ෂය බාරගන්න කීවා.මහින්දට අගමැතිකම දෙන්න කියා මමත් අත්සන් කළා. එතුමාට දිනාගන්න බැරිවුණා. "
ලුණුගල ප්‍රසන්න පද්මසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

