මහින්දගේ දැන්වීම්වලින් ITN කෝටි 11 පාඩුවක් ලබයි
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විකාශය කළ දැන්වීම් වෙනුවෙන් මුදල් නොගෙවීමත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැන්වීම් ප්‍රචාරය නොකර ඉවත්කර ගැනීමෙන් මුදල් ආපසු ගෙවීමට සිදුවීමත් නිසා ස්වාධීන රූපවාහිනියට (ITN) රුපියල් කෝටි 12 කට ආසන්න පාඩුවක් වූයේ යැයි කියන සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීමට ITN හිටපු සභාපති හා නිලධාරීන් 10 දෙනෙකු බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇත.
අදාළ නිලධාරීන්ට අද (31දා) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව 2015 පෙබරවාරි හා මාර්තු මාසවලදී ස්වාධීන රූපවාහිනී ආයතනය ඇතුළත කළ අභ්‍යන්තර විගණන පරීක්ෂණයකදී හෙළි වූ තොරතුරු පදනම් කර ගනිමින් බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
