මධ්‍යම අධිවේගය ගලගෙදරින් නිමවෙයි නුවරට මන්තීරු 4ක මාර්ගයක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ගලගෙදර දක්වා පමණක් ඉදිකර එතැන් සිය මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකිරීමට රජය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ(11දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.
මධ්‍යම අධිවේදී මාර්ගයේ ගලගෙදර සිට මහනුවර දක්වා ඉදිකිරීමේදී උමං මාර්ග හරහා ඉදිකිරීමට සිදුවන අතර ඒ සඳහා අධික වියදමක් වැය වන බැවින් රජය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේසම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අවස්ථාවක් ලබාදීමට එකඟ වූ බවද පැවසූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා,
“කඩවත සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගය ඉදිකරනවා. ගලගෙදර සිට මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකරනවා. ගලගෙදර සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගය ඉදිකරනවානම් උමං මාර්ග මතින් මාර්ගය ගෙනියන්න වෙන්නේ. එහෙම වුණොත් වඩා වැඩි මුදලක් වැයවෙනවා.ඒනිසා ගලගෙදර සිට මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකරනවා" යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


