පෙට්‍රල් අර්බුදය උග්‍රවෙයි
ඉන්ධන හල් හිමියන්ට ඉන්ධන (පෙට්‍රල්) ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් කොළඹ නගරයත් කොළඹට තදාසන්න බොහෝ ඉන්ධන පිරවුම්හල් තුළත් පෙට්‍රල් හිඟයක් නිර්මාණය වී තිබේ. මේ අතර කුරුණෑගල හා පේරාදෙණිය ඉන්ධය බෙදා හැරීමේ මධ්‍යස්ථානයන් තුළ ඉන්ධන අවසන් වී ඇති බවත් සඳහන්ය.
ඉන්දීය තෙල් සමාගම විසින් තත්ත්වයෙන් බාල ඉන්ධන තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමත් ඒවා රටට ගැනීමට ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතික්ෂේප කිරීමත් හේතුවෙන් මෙම පෙට්‍රල් හිඟය නිර්මාණය වී ඇත.
පෝය නිවාඩුවත් සමග අද දිනයේදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොවුණි. හෙට දිනයේදී නැවතත් ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.නැවතත් ඉරිදා නිවාඩු දිනයකි.
මේ අතර පෙට්‍රල් රැගත් නෞකාවක් එළැඹෙන 8 දා ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිතය. එම නැව ළගා වීමෙන් පසුව ඉන්ධන බෙදා හැරීම යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් දින දෙකක්වත් ගතවෙනු ඇතැයි වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

