ප්‍රභලතම දේශපාලඥයෙකුගේ පුතෙක් නයිට් ක්ලබ් ගැටුමක
ශ්‍රී ලංකාවේ ප්‍රභලතම දේශපාලඥයෙකුගේ පුතෙකු විසින් කොළඹ රාත්‍රී සමාජ ශාලාවක ගැටුමක් ඇතිකරගෙන ඇති බවට මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධියෙන් එම රාත්‍රී සමාජ ශාලාවේ වීදුරු දොරවල් කැඩී ඇති බවට මේ වන විට සමාජ ජාල හරහා හුවමාරු වන ඡායාරූප වල දැක්වෙයි. සිද්ධියෙන් රාත්‍රී සමාජ ශාලාවේ සේවකයෙකුට තුවාල වී ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. සෙනසුරාදා දිනයේදී අලුයම 2.00ට පමණ මෙම ගැටුම ඇතිව තිබෙනවා.
මීට පෙරද මෙම පුත්‍රයා මෙම සමාජ ශාලාවට අතිරේක දෙතුන් දෙනෙකු පැමිණ තිබෙනවා. එදින විස්සක පමණ පිරිසක් සමග ඔහු සමග සමාජ ශාලාවේ ඇතුළට ගොස් තිබේ. ඔවුන් පාවහන් පැළද සිටීමත්, ඇද සිටි ඇඳුම් සමාජ ශාලාවකට නොගැලපෙන නිසාත් සමාජ ශාලාව ඇතුළට යෑම ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. නැවතත් මෙම පිරිස එළියට පැමිණීමේදී 10 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ පිරිසක් සමාජ ශලාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට පහරදි ඇතැයි වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

