රජයේ තීන්දුවලට කිසිවෙකුට අභියෝග කළ නොහැකියි
රට පුරා සිදුව තිබෙන පරිසර විනාශය හමුවේ පරිසර සංරක්ෂණය පිලිබඳ රජය ගන්නා තීන්දු තීරණවලට කිසිවෙකුට අභියෝග කළ නොහැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
නීති විරෝධී ජාවාරම් සිදුකරමින් පරිසර විනාශයන් සිදු කරනවානම් ඒවා වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම සියලූ මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ වගකීමක් බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් කැපවන සියලූදෙනා වෙනුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස මෙන්ම රටේ ජනාධිපතිවරයා ලෙස තමා ඝෘජුව පෙනී සිටින බව ද ප්‍රකාශ කළේය.
අදට යෙදී ඇති ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් අද (05දා) පෙරවරුවේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේබව කීය.
රට පුරා සිදුවන පරිසර විනාශය වළක්වා ගනිමින් පරිසරය රැක ගැනීමට අලූතින් සිතා අලූත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ලෙස ද අදාළ සියලූ මැති ඇමතිවරුන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසරය පිලිබඳ වගකීම් ඉටු කිරීමේදී සෑමවිටම අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ද කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

