දූෂණයට එරෙහි සටන පෙබරවාරි 10 දා යින් පසු
යහපත් රටක් සහ සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් දූෂණයට එරෙහි සටන මෙම පෙබරවාරි 10 වනදායින් පසුව ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකාව ලොව අන් දියුණු රටවල් මට්ටමට ගෙන ඒමට නොහැකි වී ඇත්තේ දූෂිත දේශපාලනය නිසා බවත් දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් තම ධුර කාලය තුළ උපරිම වගකීම් ඉටුකරන බවත් ඔහු පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24දා) පෙළොන්නරුව බකමූණ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
තම පවුලේ අය රටේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරුවලට පත්කරගනිමින් ඥාති සංග්‍රහයට මුල් තැන දී රාජ්‍ය දේපළ සොරා කෑ සහ බලය අනිසි ලෙස භාවිතා කරමින් ඒකාධිපතිවාදය සහ පවුල්වාදය වැපිරු පාලනයක් යළි රට තුළ ඇතිකරමින් රට ආපස්සට ගෙනයාමට මේ රටේ ජනතාව සූදානම් නොමැති බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

