ජනපතිවරණයට තරග කරනවාද යන්න තවම තීරණය කර නෑ
ජනපතිවරණයකට නැවත ඉදිරිපත් වන්නේදැයි තමන් තවමත් තීරණය කර නොමැති බවත් තමන් ජීවත්ව සිටින තෙක් දේශපාලනයේ නිරත වන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
අද (26දා) ජනපති නිල නිවසේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය. තමන් දේශපාලන සත්වයෙක් බවත් තනතුරු ඇතිව හෝ නැතිව දේශපාලනයේ නිරත වන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
“මගේ වගකීම අවංක ලෙස ජනපතිවරයා ලෙස ඉටුකරන්න. පිරිසිදු කිලිටි නැති රාජ්‍ය පාලනයකට මට අභියෝග රාශියක් තිබෙනවා. තව අවුරුදු දෙකකින් ජනපතිවරණයට එනවද නැත්ද කියලා තවම මගේ තීරණයක් නෑ.
මම මේ කරන්නේ සෙල්ලමක් නෙමෙයි. මම මගේ ඇඟේ පණ තියෙනකම් රටේ ජනතාව වෙනුවෙන් දේශපාලනය කරනවා. මම දේශපාලන ජීවියෙක්. දැන් මගේ ක්‍රියාකාරී දේශපාලන ජීවිතය අවුරුදු 50ක්. මට තනතුරු තිබුණත් නැතත් මගේ මේ ජනපති නිල කාලයෙන් එහාටත් මම දේශපාලනය කරනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


