ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා
අද වනවිට මාධ්‍ය මගින් රටේ අර්බුදයක් ඇති බවට පෙන්නුම් කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5දා) පැවසීය.
රටේ කිසිදු අර්බුදයක් නොමැති බවත්, රට අර්බුදයට ලක්කිරීමට බලා සිටින අයට ඒ සඳහා ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
‘විරුසුමිතුරු’ නිවාස වැඩසටහන යටතේ නිවාස අහිමි රණවිරු පවුල් 192කට හිමිකම් ඔප්පු ප්රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“අද මාධ්‍ය ගත්විට අපේ ආණ්ඩුවට දිගට හරහට ගහනවා. මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ ගමන අවුල් කියලා. මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ රටේ මහ අවුලක් තිබෙනවා කියලා.
මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ රටේ ආණ්ඩුවක් නැහැ කියලා. මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ හෙට ආණ්ඩුව වැටෙවි කියලා. මාධ්‍යට ඒ නිදහස දුන්නේ අපි. ආණ්ඩුවක් විදිහට අපේ දර්ශනය හා ප්‍රතිපත්තිය තුල. අපි බලයට එන්න කලියෙන් මේ රටේ මාධ්‍යවේදීන් කීදෙනෙක් ඝාතනය වුණාද ? මේ රටේ මාධ්‍ය ආයතන කීයකට ගිනි තැබුවාද?
මේ රටේ මාධ්‍යවෙදීන් කීදෙනෙක් අතුරුදහන් වුණාද?මේ රටේ මාධ්‍යවේදීන් කීදෙනෙක් මේ රට අතහැරලා ගියාද? ඒ සියල්ල අපි අනිත් පැත්තට කරකවලා , වෙනස් කරලා මාධ්‍යවේදීයාගේ ජීවිත ආරක්ෂාව ලබාදුන් අපිට ඒ අය පෙන්නුම් කරනවා මහ අවුලක් මේ රටේ තියෙනවා කියලා. මේ රටේ කිසිම අවුලක් නැහැ. මේ රට අවුල්කරන්න හදන අයට අපි අවුල්කරන්න දෙන්නෙත් නෑ.” යනුවෙන් පවසා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
සජිත් ගේ වත්කම් බැරකම් මෙන්න, රු. ලක්ෂ 900 ඉක්මවූ ණයක්
ඇතිමලෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීම ඇරඹේ
දියවඩන නිලමේ නිලවරණයට එරෙහිව අධිකරණයට යන හැඩ
පොහොට්ටුවේ තිස්ස කුට්ටි අපුරට එපා කියයි
පාර්ලිමේන්තු මුළුතැන්ගේ මීයෝ නෑ - මන්ත්‍රී ප්‍රසාද්
අපිට ඇල් වතුර වීදුරවක්වත් එපා, ව්‍යාපෘති පමණයි අවශ්‍ය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd