ගෝඨාට ජනපතිවරණයට තරග කිරීමට USA පුරවැසිකම බාධාවක් නෑ
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිය ඇමෙරිකානු පුරවැසිභාවය බාධාවක් නොවන බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම අද (11දා) පෙන්වා දුන්නේ, වෙනත් රටක පුරවැසියෙකු වන ඇමෙරිකානුවෙකුගේ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම නැවැත්වීමට ඇමෙරිකානු ආණ්ඩුවට හැකියාවක් නොමැති අතර, ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු ඉදිරියේ පුරවැසිකම අත්හැරීමේ ප්‍රකාශය නිසි ලෙස සම්පූර්ණ කළ වහාම ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරෙන බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ අයදුම්පත ප්‍රතික්ෂේප වූ බවට බරපතළ අසත්‍ය ප්‍රචාරයක් සමාජ ජාල හරහා පැතිර යෑම හේතුවෙන් ඇමෙරිකානු පුරවැසිභාවය පිළිබඳව වූ නීතිමය තත්ත්වය රටට පැහැදිලි කරන ලෙස ගෝඨාභය මහතා විසින් තමන්ගෙන් ඉල්ලීමක් කළ බවද උදය ගම්මන්පිල මහතා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

