කැබිනට් රැස්වීම SLFP ඇමතිවරු වර්ජනය කරති
හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීමට එක් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. ඒ අද (09දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ගත් තීරණයක් අනුවය. මුලින්ම මෙම තීරණය ගෙන ඇත්තේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ ඇමතිවරුන්ය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැවැිත මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම තිරණයට අනෙකුත් නිදහස් පක්ෂ ඇමතිවරුන්ද සහාය දැක්වීමට තීරණය කර ඇත.
මේ අතර නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්විමේදි ඇතැම් මැති ඇමතිවරුන් ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට මත ප්‍රකාශ කර ඇත.
එහිදී ජනපතිවරයා පවසා ඇත්තේ ඒ පිළිබඳව පක්ෂයක් ලෙස මෙන්ම සාමූහික තීරණයක් ගන්නා ලෙසයි.
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් අනිද්දා (11දා) පැවැත්වීමටත් නියමිතය. මෙහිදී යහපාලන රජයෙන් ඉවත්වීම පිළිබඳව අවසන් තීරණය ගනු ඇතැයි වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
