කැකිරි කිලෝ 55ක ආදායම රු100 - ප්‍රවාහන වියදම රු 450
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අලෙවි කිරීමට කැකිරි කිලෝ 55ක් රැගෙන ගිය ගොවි මහතෙකුට කැකිරි අලෙවි කිරීමෙන් ලැබුණ මුදල මෙන් පස්ගුණයක් කුලී රථයට ගෙවා හිස් අතින් යළි නිවසට යෑමට සිදුවීමේ පුවතක් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ ඉබ්බන්කටුව, සමගි මාවතේ පදිංචි ආර්.බී. ඒකනායක (අවු.70) නමැති ගොවි මහතාය.
සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ ඒකනායක මහතා,
"මම අක්කර භාගයක කැකිරි වගා කර තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කැකිරි කිලෝ 55ක් රැගෙන ගියා. එහිදී කැකිරි අලෙවි කිරීමෙන් මට ලැබුණු මුදල වූයේ රුපියල් සියයක්. කැකිරි රැගෙන යෑම සඳහා කුලියට ගත් ත්‍රිරෝද රථයට රුපියල් 450ක් ගෙවීමට සිදු වුණා.
අපි මෙම වගාව සඳහා හුඟක් මහන්සි වුණා. පොළොව පෙරළීම සඳහා ට්‍රැක්ටර් කුලිය වශයෙන් රුපියල් 3,500ක මුදලක් වැය වන නිසා මමයි මගේ (68 හැවිරිදි ආර්.එම්. බිසෝමැණිකා) බිරිඳයි එකතු වී උදේ සිට සවස් වන තුරුම දැඩිසේ මහන්සි වී පොළොව පෙරළා අඩි 800ක පමණ දුරක සිට බට යොදා ගනිමින් ඉබ්බන්කටුව ජලාශයේ සිට ජලය පොම්ප කරමින් තමයි වගා කළේ.
දැන් එම අස්වැන්න නෙළා ගත්තත් අපට එය හරි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම ගැන අපි දැන් ඉන්නේ හරිම කනස්සල්ලෙන්" යැයි පැවසීය.
දේවහුව - ප්‍රසාද් ජයකොඩි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





