කාන්තා ASP 8ක් SP තනතුරට උසස්වෙති
කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 8 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කිරිමට ශ්රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම උසස්වීම් ක්රියාවට නංවා තිබේ. ඔවුන්ගේ උසස්වීම් ඊයේ (20දා) සිට ක්රියාත්මක බව පොලීසිය නිවේදනය කරයි.
කාන්තා සහකාර පොලිස් අධිකාරී ඒ.ජී.එන්.ඩී. සෙනෙවිරත්න (රාජ්ය බුද්ධි සේවාව), කාන්තා සහකාර පොලිස් අධිකාරී එස්.ඒ.ආර්. ජයසුන්දර (චංචා විමර්ශන කාර්යාංශය), කාන්තා සහකාර පොලිස් අධිකාරී ඩබ්.ජේ.පද්මිණී (අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම), කාන්තා සහකාර පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී. කුමාරි (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව), කාන්තා සහකාර පොලිස් අධිකාරී කාන්තා සහකාර පොලිස් අධිකාරී ඩී.එස්. පෙරයප්පෙරුම (පොලිස් මූලස්ථානය), කාන්තා සහකාර පොලිස් අධිකාරී එච්.ඩබ්.අයි.අස්. මුතුමාල (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව), කාන්තා සහකාර පොලිස් අධිකාරී පී.ජේ.එම්. ආරියසේන (කැළණිය කොට්ඨාසය), කාන්තා සහකාර පොලිස් අධිකාරී එම්.එම්.එල්.ආර්. අමරසේන (ළමා හා කාන්තා කාර්යාංශය)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

