ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
උමාඔය බහුකාර්ය ව්‍යපෘතියේ උමගින් පැයකට පරිසරයට මුදාහැරෙන ජල ලීටර් ලක්ෂ 36ක ප්‍රමාණය දින තිහකින් නවතා තැබීමට කටයුතු කරන බව එම ව්‍යපෘතියේ ප්‍රධාන අධ්යක්ෂ නික්ඩේල් මහතා සඳහන් කර සිටියේය.
ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පසුගිය (17දා) උමාඔය ව්‍යපෘතිය නිසා නායයෑමේ අවදානමකට ලක්ව තිබෙන නිවාස රැසක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ව්‍යපෘතිය ක්‍රියාත්මක වන ස්ථානයට ගොස් එහි ප්‍රධාන ඉංජිනේරුවන් හා කාර්මික නිලධාරීන් සමග සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා මේ බව පවසා සිටියේය.
බණ්ඩාරවෙල සහ අවට ගම්මාන රැසක භූගත ජලය උමාඔය උමගට මුසුවී කරඳගොල්ල ප්‍රදේශයෙන් පැයකට ජල ලීටර් ලක්ෂ 36ක ප්‍රමාණයක් පරිසරයට පිටවීමේ ප්‍රතිඵලයක් ලෙස බණ්ඩාරවෙල සහ අවට ගම්මාන රැසක ජල උල්පත් සියල්ල සිඳී භූමිය නායයෑමේ අවදානමකට ලක්ව ඇත. තවද මේ හේතුවෙන් බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යලය, රාජ්‍ය ආයතන සහ නිවාස රැසක් නායයෑමේ අවදානමකට ලක්ව තිබේ.
උමගින් නික්ම යන භූගත ජල ධාරාව නවතා තැබීමට හැකි වුවහොත් බණ්ඩාරවෙල සහ අවට ගම්මාන වල ජල උල්පත් සිඳීයෑම සහ භූමිය නායයෑම පාලනය වන බව පැවසූ ප්‍රධාන අධ්‍යක්ෂරයා දේශීය,විදේශීය ඉංජිනේරුවන් හා කාර්මික නිලධාරීන් 1500ක් පමණ දෙනා දවසේ පැය විසිහතර පුරා උමගේ කැනීම් කටයුතු සිදුකරන බවද පවසා සිටියේය.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් ඉදිරි වසර පහකදී අවසන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd