අත්අඩංගුවට පත්වීම වළක්වා ගැනීමට අර්ජුන් මහේන්ද්රන් නීතියේ පිහිට පතයි
බැඳුම්කර නිකුත් කිරීමේදි රජයට පාඩු කිරීමේ සිදුවීම සම්බන්ධයේ පළමු සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා තමාව අත්අඩංගුවට පත්විමෙන් වළක්වා ගැනීම සඳහා නීතියේ සහාය සොයමින් සිටින බව වාර්තා වෙයි.
අර්ජුන් මහේන්ද්රන් මහතා ශ්රී ලංකාවේ පුරවැසියෙක් නොවන තත්ත්වයක් තුළදී මෙරට සිදුවූ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩගුවට ගැනීමට හැකියාවක් නොමැති බව පවසමින් මහේන්ද්රන් මහතා අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමට ඇති හැකියාව පිළිබඳව සිංගප්පූරුවේ හා ශ්රී ලංකාවේ නිතිඥ කණ්ඩායමක් විසින් සොයමින් සිටින බවට නීති ක්ෂේත්ර ආරංචි මාර්ග සඳහන් කරයි.
සිංගප්පූරුවේ පුරවැසියෙක් වන අර්ජුන් මහේන්ද්රන් මහතාට ලබන 15 දාට පෙර ලංකාවට පැමි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබාදෙන ලෙස කොළඹ කොටුව ප්රධාන මහේස්ත්රාත්වරයි නියෝග කර ඇත.
මෙම දිනය දීර්ඝ කර ගැනීමේ උත්සාහයකද අර්ජුන් මහේන්ද්රන් මහතා නිරත වන බව වාර්තා වෙයි. එම සිදුවීමේ දෙවැනි සැකකරු වන අර්ජුන් ඇලෝෂියස් හා තෙවැනි සැකකරු වන කසුන් පළිසේන මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


