විපක්ෂ නායක ධුරයට වෙල්ගම ඉල්ලති
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදුනහොත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත්කළ යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සියලු දෙනා යෝජනාවක් සම්මත කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදීමට සැලසුම් කර ඇතැයි සමස්ත ලංකා පළාත් පාලන සංසදය පවසයි.
දැනට විපක්ෂනායක ධුරය දැරීමට සුදුසුම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාබවත්,ඊටපසුව සිටින පුද්ගලයා කුමාර වෙල්ගම මහතා පමණක බවත් එහි සභාපති උදේනි අතුකෝරළ මහතා ඊයේ (29දා) සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සියලු දෙනා ඒ සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බවත්, දිවයින පුරා සිටින අනෙකුත් පළාත් පාලන ප්‍රධානීන්ගේ යෝජනාද සම්මත කරගැනීමට කටයුතු යොදා තිබෙන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපකෂයේ සිටින පැරණිම දේශපාලනඥයෙකු වන කුමාර වෙල්ගම මහතා අවුරුදු 36ක් දේශපාලනයේ නිරතව තිබෙන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපතිවරයෙකු වශයෙන් කටයුතු කර ඇති ඔහු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන බවත් අතුකෝරල මහතා සඳහන් කළේය.
යහපාලන ආණ්ඩුව පිහිටු වූ පසු එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ දේශපාලනය කිරීමට නොහැකි බව පවසමින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ප්‍රථමයෙන් එළියට පැමිණියේ වෙල්ගම මහතා බවත්,ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ අවස්ථාවේ සිට ඔහු මහින්ද රාජපක්ෂ මහතා සමග ළඟින් ඇසුරු කළ බවත් සභාපතිවරයා කීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී උදේනි අතුකෝරළ මහතා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළාත් පාලන සංසදයේ ඉල්ලීම පිළිගනු ඇතැයි පළාත් පාලන ප්‍රධානීන් සියලු දෙනා විශ්වාස කරන බවයි.

popular news
-
Champa Monday, 30 July 2018 05:45 PM
බැසිල් සහ හොටු පොහොට්ටුව වැඩ කරන්නේ රනිල්ට ඕනේ විදියට. රනිල් බැසිල්ව දැම්මේ ඒකාබද්ධ විපක්ෂේ භේද කරන්න. ඒක හරියට කළා. ඊළඟ ජනාධිපති තනතුරට නම් කරන්නේ ගෝඨාභයද බැසිල්ද කියලා මෙච්චර කල් කතාව ඇදගෙන ගිය. රනිල් කරන දේවල් වලට ඒකාබද්ධ විපක්ෂෙට විරුද්ධ වෙන්න බැරි විදියට ඒකාබද්ධ විපක්ෂේ අවධානය වෙන අතකට ඇදගෙන යන්න. දැන් මන් හිතන්නේ මහින්ද ඒ කතාව කියන එක නවත්තෙව්වා. ඒ හින්ද ඒ මාතෘකාව නැති වුන. ඒකාබද්ධ විපක්ෂේ සමගි වේගෙන එනකොට බැසිල්ට ඕනේ වෙන මාතෘකවක් අරන් ආපහු බෙදන්න. ඒකාබද්ධ විපක්ෂේ නායකයා හැටියට මහින්ද නැත්නම් විපක්ෂ නායක තනතුර දෙන්න ඕනේ දිනේෂ්ට. දැන් ඒකාබද්ධ විපක්ෂේ බේද කරන්න හොඳම කතාව මේක. දිනේෂ් එපා. වෙල්ගම තමයි දාන්න ඕනේ කියන එක. වෙල්ගම කියන කතාව බොරු එයයි ඉස්සල්ල මහින්ද වෙනුවෙන් එලියට ආවේ කියලා. මහින්ද සුළඟ ගෙනාවේ විමලුයි දිනේෂුයි වාසුයි ගම්මන්පිලයි. වෙල්ගමයි ඊට පස්සේ කවුද අර අමුණුගම මුල නම මතක නැහැ මේ දෙන්නම විමල්ලාගේ වේදිකාවට ආවේ ඒකට ආපු ජනගඟ දැක්කට පස්සේ. ප්‍රසන්න විතරක් කලින් දවසේ කිව්වා එනවා කියලා. අනිත් හැමෝම ආවේ විමල්ල ඔක්කොම කලාට පස්සේ. සෙනඟ ආවට පස්සේ.
Reply : 0 0
Champa Monday, 30 July 2018 05:56 PM
එකක් පැහැදිලිව කියන්න ඕනේ. විපක්ෂේ ඉන්න විමල් දිනේෂ් වාසු සහ ගම්මන්පිල විතරයි රට වෙනුවෙන් වැඩ කරන්නේ. පහුගිය දවස්වල දිනේෂ්වත් අනිත් පැත්තට අරගෙන තිබුන. ගම්මන්පිලවත් ගත්ත. විමල්ව කවදාවත් නම්ම ගන්න බැරි වුන. වාසුත් හැමදාම කෙලින් හිටිය. රනිල් මත්තල විකුනනවා. 20වෙනි සංශෝධනය ගේනව. බැසිල්ට ඕනේ රනිල්ට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂේ එකට එකතුවෙන එක නවත්තන්න. බැසිල් ඔක්කොම කරන්නේ මහින්දව scene එකෙන් අයින් කරලා එයා පස්සේ මහින්දගේ මිනිස්සු ගෙන්න ගන්න. මම මේක වෙන තැනකත් කිව්වා. බැසිල්ට ඕනේ මහින්ද සහ පිරිස ජනාධිපතිවරණෙන් පරද්දන්න. එහෙම නැතුව මහින්දව අයින් කරන්න වෙන විදියක් නැහැ. මහින්ද කවුරු තේරුවත් බැසිල් වැඩ කරන්නේ ඒ මිනිහට විරුද්ධව. රටෙන් භාගයක් රාජපක්ෂලාට විරුද්ධයි. එකෙනුත් භාග දෙකක් ගෝඨාභයයි බැසිලුයි එනවට කැමති නැහැ. අන්තිමට පැරැදෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි මහින්ද. මහින්දට හිතා ගන්නවත් බැරි වෙයි මොකොද වුනේ කියල. මහින්ද පරදිනවා කියන්නේ රටම පරදිනවා කියන එක. ඒ හින්ද බැසිල් නැති ගෝඨාභය නැති "අලුත් බලවේගයක්" හැදෙන්න ඕනේ. දැම්ම අවශ්‍ය නැහැ., වෙලාවට එකතු වුනහම ඇති. බැසිල්ට චන්ද නැහැ. චන්ද තියෙන්නේ මහින්දට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

