ලංකාවට ට්‍රම්ප්ගෙන් රුපියල් කෝටි 8000ක ප්‍රදානයක්
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම උදෙසා ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය මගින් රුපියල් කෝටි 8000ක ප්‍රදානයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
ඉඩම්, ප්‍රවාහන, කෘෂිකර්ම, උසස් අධ්‍යාපන සහ විදුලිබල යන ක්ෂේත්රවල සංවර්ධනය වෙනුවෙන් මෙම ප්රාදානයන් යෙදවීමට යෝජිතය.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය සමග අවසන් අදියරේ සාකච්ඡා සිදු කරමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම කෝටි 8000ක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදාළ ගිවිසුම් ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකානු එක්සත් ජනපද සහශ්‍ර සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී අත්සන් තැබීමට නියමිතය.
මෙම මූල්‍ය ප්‍රධානයන්ගෙන් යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලට අනුව අවිස්සාවේල්ල සිට පැල්මඩුල්ල දක්වාත්, බෙරගල සිට වැල්ලවාය දක්වාත් නාවුල සිට දඹුල්ල දක්වා සහ දඹුල්ල සිට තල ගහවැව දක්වා A ශ්‍රේණියේ මාර්ග රැසක් සංවර්ධනය කිරීමට නියමිතය.
මිට අමතරව දිවයින පුරා සමස්ත ප්‍රවාහන පද්ධතියම ආවරණය වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකාබද්ධව නවීකරණ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ. මේ අතර කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන නියාමන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමද සිදුවේ.
එමෙන්ම ගම්පහ, කෑගල්ල, මාතලේ, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉඩම් මැනීම, ලියාපදිංචිය සහ තක්සේරු කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

popular news
-
Champa Monday, 16 July 2018 10:04 PM
රනිල්ගේ සබ්මැරින් කතාව කිව්වේ මේකට. මම විමල්ට ලිව්වා මේක. දකුණු මුහුද ඇමරිකාවට දෙනවා රනිල්. ප්‍රවාහන කටයුතු නේද වැඩි දියණු කරන්න හදන්නේ? ආණ්ඩුවෙන් කරන routine වැඩ ගොඩක් ඇමරිකන් සමාගම් වලට දීල. හරියට බැලුවොත් හැම තැනම පිටිපස්සේ ඉන්නේ ඇමරිකන් යුරෝපියන් හෝ වෙනත් විදේශ සමාගම්. අයියෝ දෙයියනේ, රටක් ඉතුරු වෙන්නේ නැහැ අපිට. මුළු රටම පිටරැටියන්ට. රනිල් යන්න ලැහැස්ති නැහැ. රනිල් රට කොටස් වශයෙන් විදේශිකයන්ට අයිති කරගන්න ඉඩ දෙන්නේ ආපහු මේ රට කවදාවත් විදේශ ග්රහණයෙන් මුදා ගන්න බැරි වෙන්න. අත්සන් කරන ගිවිසුම් කවුරුවත් දන්නේ නැහැ. කොමිස් පිට කොමිස් ගහන්න හැම එකම විදේශ සමාගම් වලට දෙනවා. කවුරු හරි හිතනවා නම් මේවා ආපහු ගන්න එක හරි ලේසියි කියලා, ඒ හිතිවිල්ල වැරදියි. රනිලුයි සිරිසෙනයි තරඟෙට රට විකුනනවා. ජාත්‍යන්තරය දින්න කියලා දෙන්න පම්පෝරි ගහන්නේ මේකට. ජාත්‍යන්තරය කැමතියි මේ වගේ ........ දෙන්නෙක්ට. රට පාවලා දෙන මේ වගේ දේශද්‍රෝහීන් ලෝකේ කොහවත් නැහැ. අඩු ගානේ අච්චර දුප්පත් අප්‍රිකන් රටවල් වත් සුද්දන්ට මේ වගේ රටේ ඉඩම් සහ ව්‍යාපාර දෙන්නේ නැහැ.
Reply : 3 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
