ජාතිය මුල්කරගත් පක්ෂ බිහිවීමට දේශපාලන පක්ෂ වගකිව යුතුයි
නිදහසින් පසුව මැතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා ජාතිය, ආගම කුලය පදනම් කරගත් පක්ෂ බිහිවූ බවත් එම වරදට සියලු දේශපාලන පක්ෂ වගකිව යුතු බවත් සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ගරු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවර බදි-උද්-දින් මහ්මුද් බාලිකා විදුහලේ පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා අද (04දා) මේ බව පැවැසීය.
“අපේ රටේ සියළු පාසල් සියළු ජාතින් නියෝජනය කරන පාසල් වියයුතුයි. සියළු ජාතින් සිටින, සියළු ආගම් අදහන ළමුන් සිටින පාසල් බිහිවීම අද ඉතා වැදගත්. අපේ පාසල් කාලයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ළමයින් සිටියා. ඒ කාලේ ජාතිවාදි ප්‍රශ්න තිබුණේ නැහැ.
අද අපේ පාසල් පද්ධතියේ විශාල අඩුපාඩුවක් තිබෙනවා. පාසල්වල ඉතිහාසය විෂය නිසිආකාරව ඉගැන්වීම සිදුවන්නේ නැහැ. එම නිසා ඉතිහාසයේ සිට අපේ රටේ ජාතින් අතර තිබුණ සම්බන්ධතාවය පිළිබඳව නිසි අවබෝධයක් නැහැ.
රටක දියුණුවට ජාතික සමගිය අත්‍යවශ්‍යයයි. සියළු ජාතින්ට හැගෙන්න ඕන අපි මේ රටේ පුරවැසියන් කියලා. අපේ රටේ නිදහසින් පසුව මැතිවරණ ජයග්‍රහණය කිරිම සඳහා ජාතිය, ආගම, කුලය ඉදිරියට ගෙනඑමින් දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වුණා. මේ වරද සම්බන්ධයෙන් සයළු දේශපාලන පක්ෂ වගකිව යුතුයි.”

popular news
-
සිරිමල් Thursday, 04 July 2019 06:48 PM
1ප්‍රශ්ණය.-මුලින්ම ජාතිය මුල්කර දේශපාලන පක්ෂයක් බිහිකල නායකයා කවුද 2.ප්‍රශ්ණය.- ඔබේ පක්ෂයේ නමෙහි එක් ජාතියක් ගැන කියවෙනවාද නැත්නම් සියළු පක්ෂ වගකිව යුතුයි කියන්නේ ඇයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

