පුෂ්පා රාජපක්ෂ පදනමට චීන සමාගමකින් රුපියල් 19,410,000 (රුපියල් එක්කෝටි අනූ හතර ලක්ෂ දස දහසක්) ලබාදී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා චෝදනා කරයි.
ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දා වන එසේම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂට චීන සමාගමක් රුපියල් ලක්ෂ 194ක මුදලක් ලබාදුන්නේ ඇයිදැයි? යනුවෙනි.
