saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

breaking-news - timelapse 7686 hours ago

LATEST

මාස 2කට පසුව ඉන්දියාවේ ආසාදන ලක්ෂයෙන් පහළට

calendar_today 2021 ජුනි 08 - 16:11 remove_red_eye - 115  

විශේෂඥයන් අවධාරණය කර ඇත්තේ මෙම ප්‍රකෘතිමත් වීම වෛරසයේ විකෘතිතාවන් සමග යළි අඩපණ වීමේ අවදානමක් පවතින නිසා එන්නත්කරණය වඩාත් කඩිනම් කළ යුතු බවයි. මේ තත්ත්වය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා නොමිලේ එන්නත ලබාදීම ප්‍රකාශයට පත් කරන ඇත.

ලොව කොවිඩ්-19 වෛරස වසංගතය වඩාත් ප්‍රශස්ත අයුරින්ම පාලනය කළ රාජ්‍යය ලෙස නවසීලන්තයට කීර්තියක් අත්කර දුන් එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් පළමු වැනි එන්නත් මාත්‍රාව ලබන සතිය අවසානයේදී ලබාගැනීමට සූදානමින් සිටින බව කියයි.

Read More

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ මෙල්බර්න් හි මාධ්‍යවේදීන් අමතමින්, ’’අපට කිසිවිටෙකත් නව ආසාදිතයන් දැකීමට අවශ්‍ය නැහැ. පවතින ආසාදිතයන් සමග පැහැදිලි සම්බන්ධතා ඇති සිද්ධීන් නැවත අපට දැකගන්නට ලැබෙන්න පුළුවන්.’’ යනුවෙනි.

Read More

FaceTime හි වීඩියෝ ඇමතුම් යාවත්කාලීන කිරීම් සහ Apple Wallet හි ඩිජිටල් යතුරු ඇතුළුව ලෝකය වසංගතයෙන් මිදීමට පටන් ගන්නා විට පැමිණෙන නව ජීවිතය වෙනුවෙන් වූ නැවුම් විශේෂාංග සමග ඇපල් සමාගම සිය වාර්ෂික ගෝලීය සංවර්ධක සමුළුවේදී iOS 15 එළිදක්වයි.

Read More

කැනේඩියානු මුස්ලිම් පවුලක සාමාජිකයන් සිව්දෙනෙකු පසුගියදා පිකප් ට්‍රක් රථයකින් හඹා ගොස් යට කරගෙන යෑම එරට ඉස්ලාමීය විරෝධී වෛරී අපරාධයක් බව කැනේඩියානු පොලීසිය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ ලෝකයේ පළමු වැනි කොවිඩ්-19 මර්දන එන්නත ලබා දී මාස 6ක් ගතවී ඇතත්, ඉහළ ආදායම් ලබන රටවල් පමණක් එන්නත් මාත්‍රාවන්ගෙන් 44%කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බවයි. එහිදී අඩු ආදායම්ලාභී රටවල් පරිපාලනය කර ඇත්තේ එන්නත් මාත්‍රා 0.4%ක් පමණක් බවත්, මේ සංඛ්‍යාලේඛනයේ වඩාත්ම කනගාටුදායක දෙය නම්, එය මාස කිහිපයක් තුළද වෙනස් නොවීම බවද ටෙඩ්‍රොස් කීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 173,533,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අන්තර්ජාල වෙළෙඳ පොළෙහි ආධිපත්‍යය අනිසි ලෙස භාවිත කරන බවට ගූගල් සමාගමට චෝදනා කළ ප්‍රංශයේ නියාමකයන් විසින් ඉල්ලා සිටි විසඳුමක කොටසක් ලෙස, දළ වශයෙන් ඇ.ඩො.මිලියන 270ක දඩ මුදලක් ගෙවීමටත්, ඇතැම් ව්‍යාපාරික භාවිතයන් වෙනස් කිරීමටත් ගූගල් සමාගම එකඟ වී තිබේ.

Read More

ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට ජෙෆ් බෙසෝස් සැලසුම් කර සති කිහිපයකට පසුව, එනම් එලැඹෙන ජූලි මස 20දා මෙම අභ්‍යවකාශ ගමනට දින යෙදී තිබේ. මෙම දිනය ඇපලෝ 11 සඳ මත ගොඩබෑමේ 52 වැනි සංවත්සරයද සනිටුහන් කරයි.

Read More

බැංකොක් නුවර එන්නත්කරණය කළ රියදුරෙකු ධාවනය කළ ටැක්සි රථයට ගොඩවූ මගියෙකු වන කැනොක්වාන් සත්තවොං පැවසුවේ, ’’රියදුරන්ට සම්පූර්ණයෙන්ම එන්නත ලබාදුන් විට මෙවැනි ප්‍රවාහන මාධ්‍යයන් සඳහා වැඩි ආරක්ෂාවක් දැනෙනවා. ඒ සමගම මගීන් වශයෙන් අපටද එහි ගමන් කිරීමට වැඩි විශ්වාසයක් ඇති කරනවා.’’ යනුවෙනි.

Read More

වසංගතය පාලනය හමුවේ සාර්ථක වුවද, එන්නත්කරණයේදී ඔස්ට්‍රේලියාව සෙසු ධනවත් රටවල් තරම් වේගවත් නොවීම හේතුවෙන් වර්තමාන කොවිඩ්-19 ආසාදන පොකුරු සමග යම් තිගැස්මක් ඇති කර තිබේ. මේ තත්ත්වය තුළ දැන් ඔස්ට්‍රේලියාව එරට ජනතාව කඩිනමින් එන්නත්කරණයට ලක්කිරීමට වැඩසටහන් ආරම්භ කර තිබේ.

Read More

මිල්ලට් එක්ස්ප්‍රස් අධිවේගී දුම්රිය පීලි පැනීමත් සමග, ශ්‍රීමත් සයීඩ් එක්ස්ප්‍රස් දුම්රිය එම දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Read More

G7 වෙත ලියන ලද ලිපියේ හිටපු ලෝක නායකයින් කියා සිටියේ 2020 දී ගෝලීය සහයෝගීතාව අසාර්ථක වූ නමුත් 2021 දී නව යුගයක් උදාවිය හැකි බවයි.

Read More

#BringBackOurGirls ව්‍යාපාරයට මුල පිරූ බෝර්නෝ ප්‍රාන්තයේ චිබොක්හි පාසලකින් 2014 වසරේදී සිය ගණනක් දැරියන් පැහැරගෙන යාමෙන් පසුව බොකෝ හරාම් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම ගෝලීය අවධානය දිනා ගත්තේය. එම දැරියන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් අතුරුදන්ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 173,191,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

හැරී කුමරු සහ මේඝන් කියා සිටියේ තම දෙවැනි දරුවාට ලිලිබෙට් යන නම නම තබමින්, ඇගේ මැද නම ඩයනා යන්න තෝරාගෙන ඇත්තේ ඇගේ ආදරණීය අභාවප්‍රාප්ත ආච්චි අම්මා වන වේල්ස් හි කුමරියට ගෞරවයක් වශයෙන් බවයි.

Read More

’’මුලදී මළ සිරුරු 66ක් හමුවුණා. නමුත් මම දැන් ඔබ සමග කතා කරමින් සිටින විට මළ සිරුරු 88ක් පමණ සොයාගෙන තිබෙනවා’’ යැයි ප්‍රාන්ත පොලිස් ප්‍රකාශක නෆියූ අබුබකර් පවසයි.

Read More

එක්සත් ජනපද හමුදාවන්ට සත්කාරකත්වය සපයන ඉරාකයේ අයින් අල් අසාද් ගුවන් කඳවුරේ ගුවන් ආරක්ෂක වළල්ල විසින් ඩ්‍රෝන යානා දෙකක් වෙඩි තබා බිම හෙලූ බව ඉරාක හමුදා පවසයි.

Read More

2021 වසර අවසානයේදී ඉන්දියාවට පහර දිය හැකි කොවිඩ්-19 තෙවැනි රැල්ලක් ගැන විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති අතර, එය දරුවන්ට වැඩි බලපෑමක් ඇති කරනු ඇති බව වසංගත රෝග විද්‍යාඥ සහ මහාචාර්ය වෛද්‍ය ගිරිදාර් බාබු පවසයි.

Read More

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසන්නේ, බිලියන 10ක් ගස් සිටුවීමේ ඉලක්කයේ කොටසක් ලෙස දැනටමත් ගස් හා කඩොලාන බිලියනයක් රෝපණය කරමින් පාකිස්තාන රජය වනාන්තර පුළුල් කිරීමට හා ප්‍රතිෂ්ඨාපනය කිරීමට ලෝකයේ වඩාත්ම අභිලාෂකාමී උත්සාහයක සිටින බවය. පසුගිය දශකය තුළ පාකිස්තානයේ කඩොලාන ආවරණය 300%කින් ඉහළ ගියේ, එවැනි වර්ධනීය කඩොලාන ආවරණයක් සහිත ලොව එකම රට බවට පත්වෙමිනි.

Read More

ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තය අද (06දා) දේශීය වශයෙන් හඳුනාගත් නව කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් 2ක් වාර්තා කළ අතර, මේ සමග ජුනි 10දායින් අවසන් වීමට නියමිතව ඇති දැඩි අගුලු දැමීම ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් හි කොපමණ කාලයක් පැවතිය යුතුද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුකර තිබේ.

Read More

පසුගිය එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පසුව හිටපු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය තුළ ඇති කළ මෙවැනිම උසිගැන්වීමක් අවසානයේ එරට තුළ දැවැන්ත අරාජිකත්වයක් ඇති කළ අතර, මෙම නවතම දේශපාලන වාතාවරණය තුළ ඊශ්‍රායලයේද එවැනිම තත්ත්වයක් උද්ගතවීමක් ගැන මෙසේ අනතුරු ඇඟවෙයි.

Read More

’’ලබන වසර අවසන් වනවිට ලොවටම එන්නත් කිරීම වෛද්‍ය ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වනු ඇති’’ බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ’’මේ භයානක වසංගතය අවසන් කිරීම සඳහා අප හා එක්වන ලෙස මම මගේ සෙසු G7 නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයෙන් අහිමි වූ විනාශය නැවත සිදුවීමට අපි කිසි විටෙකත් ඉඩ නොතැබිය යුතුයි.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 172,851,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

හංගේරියාවේ සමස්ත ජනගහනයෙන් 53%ක් ඉක්මවා කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගැනීමත් සමග සීමා ලිහිල් කරමින් මේ ආකාරයෙන් සුපුරුදු විවාහ උත්සව වෙනුවෙන්ද යළි අවසරය ලබාදී තබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (5දා) දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදිතයන් පස් දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය වෙනත් රටවලට තර්ජනය කර බේරී යාමට තරම් තමන් බලවත් යැයි සිතීම වැරැද්දක් බවත්, සෝවියට් සංගමයේ බිඳ වැටීමටද එම වැරැද්ද හේතු වූ බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.

Read More

නව මරණ 3,380ක් සමග කොවිඩ්-19 ආශ්‍රිතව සිදුවූ මරණ සංඛ්‍යාව 344,082ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අඛණ්ඩව පස්වැනි දිනටත් සක්‍රීය රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 20ට වඩා අඩුවී ඇත. ඒ අනුව නව දෛනික ආසාදිතයන් දින 58ක් තුළ වාර්තා වූ අඩුම සංඛ්‍යාව මෙය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

වෙනිසියුලාවේ චාරිත්‍රානුකූල සහෝදරත්වයේ සාමාජිකයන් සිය වාර්ෂික කෝපස් ක්‍රිස්ටි සැමරුම හෙවත්, නැටුම් යක්ෂයන්ගේ චාරිත්‍රය පැවැත්වූයේ රට තුළ සහ ලෝකයේ ව්‍යාප්ත වී ඇති කොවිඩ්-19 වසංගතය අවසන් කරන ලෙස ඉල්ලා සිටිමිනි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් හි කොවිඩ්-19 මර්දන එන්නත වයස අවුරුදු 3ත් 17ත් අතර දරුවන් සහ නව යොවුන් වියේ ළමයින්ට හදිසි භාවිතය සඳහා චීනය අනුමත කළ බව එහි සභාපති යින් වයිඩොන්ග් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.