saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

breaking-news - timelapse 7718 hours ago

LATEST

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් කොවිඩ් එන්නත විද ගනී

calendar_today 2021 ජුනි 01 - 16:24 remove_red_eye - 134  

ප්‍රංශ නායකයා තමන් වෙත ලබාදුන්නේ කුමන වර්ගයේ එන්නතද යන්න නිශ්චිතව දක්වා නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම ආසාදන පැතිරීමත් සමග සොයාගත් ප්‍රාථමික සම්බන්ධතා 4,800කින් 75% ක් පමණ දැන් සෘණාත්මක පරීක්ෂණයක් ලබාදී ඇති අතර, ඉතිරි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියි. නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව ධනාත්මක පරීක්ෂාවක් සිදුකළ විදෙස් සංචාරකයෙකු දැනට හඳුනාගෙන ඇති ආසාදිත පොකුරු තුනටම බලපා ඇති බව කියයි.

Read More

රජය පවසා තිබූ මරණ සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් කොවිඩ්-19 මරණ සිදුව ඇති අතර, ඔවුන් දැන් ලොව වැඩිම ඒකපුද්ගල මරණ සංඛ්‍යාවටද හිමිකම් කියයි. ’’මෙම යාවත්කාලීන තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම අපගේ යුතුකම යැයි අප විශ්වාස කරනවා’’ සමාලෝචනයේ ප්‍රතිඵල නිවේදනය කරමින් පේරු අගමැති වයලෙටා බර්මියුඩෙස් පැවසීය.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් 127,510ක් වාර්තා වී ඇති අතර, එය ගෙවුණු දින 54ක් තුළ වාර්තා වූ අවම අගය බවට පත්ව ඇත්තේ දෛනික ධනාත්මක අනුපාතය 6.62%ක් දක්වා පහත වැටෙමිනි. සමස්තයක් ලෙස ඉන්දියාවේ දීර්ඝ කාලීනව ලොක්ඩවුන් සීමා අඛණ්ඩව පැනවීම සහ එන්නත්කරණය ඒ සමගම වේගවත් කිරීමද ආසාදන අඩුවීමට හේතු වී ඇති බව විශේෂඥයෝ පවසති.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (31දා) නව නම් හෙළි කළේ මෙතෙක් කලක් වෛරස ප්‍රභේදයන් හැඳින්වූ නම් වඩාත් සංකීර්ණ මෙන්ම, ඒවා ඉස්මතු වූ කලාපයන් වෙත අපකීර්තියක් ඇති කරන බවද පෙන්වා දෙමිනි. ’’ප්‍රභේද හඳුනා ගැනීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් කිසිදු රටක් අපකීර්තියට පත් නොවිය යුතුයි’’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 170,577,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය ලෝකය තුළ තවදුරටත් මන්දගාමී හා නොසැලකිලිමත් ලෙස හැසිරවීමක් ලොවපුරා බොහෝ රටවල දැකිය හැකි නිසා, අනාගතයේදී පැතිර යා හැකි වසංගතයකදී ජීවිත හා ජීවනෝපායන් විනාශවීම වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් මීට වඩා ශක්තිමත් විය යුතු බවට කතාබහක් ඇති වී තිබේ.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (31දා) මිලියන 28ක සීමාව පසුකර ගියත්, ගෙවුණු දිනයේ වාර්තා වූ ආසාදිතයන් 152,734ක අගය ආසන්න කාලසීමාවේදී වාර්තා වූ අඩුම ආසාදිත අගය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

Read More

’’ගිනිකොනදිග ආසියාව පුරා රටවල්වල කොවිඩ්-19 ආසාදන අනුපාතය ඉතා භයානකයි’’ යනුවෙන් ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සංගම්වල ජාත්‍යන්තර සම්මේලනයේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් පැවසීය. ’’වඩාත් භයානක හා මාරාන්තික ප්‍රභේදයන් මගින් සිදුවන මේ ආසාදන පාලනය කිරීම සඳහා විශාල ගෝලීය බෙදාහදා ගැනීමක් සහ එන්නත් නිෂ්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඉස්මතු කර තිබෙනවා.’’

Read More

ජානමය අනුක්‍රමික ප්‍රතිඵල අනුව ඉන්දියාවේ වේගයෙන් පැතිර යන වෛරස් ප්‍රභේදය නගරයේ සම්ප්‍රේෂණය වන වෛරසය බව නාගරික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චෙන් බින් ඊයේ (30දා) මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ වාර්තාකරුවන්ට පැවසුවේ, ’’අපට ඇති අභියෝගය ඉතා වැදගත් එකක්. මොකද, සම්බන්ධතා විශාල සංඛ්‍යාවක් සමග ආසාදන අවස්ථා කුඩා සංඛ්‍යාවක් පමණක් අපට දැනට හමුවී තිබෙනවා.’’ යනුවෙනි. ඒ අනුව තත්ත්වය ඇදහිය නොහැකි තරම් බරපතළ බවත්, ඉදිරි දින කිහිපය තීරණාත්මක වනු ඇතැයි මර්ලිනෝ පැවසීය.

Read More

නයිජීරියාවේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් මෙන්ම, කප්පම් ලබාගැනීමේ අරමුණින් ආයුද සන්නද්ධ කණ්ඩායම්ද පසුගිය කාලය පුරා පාසල් සිසු සිසුවියන් පැහැරගැනීමේ සිදුවීම් සුලභ වූ අතර, එරට රජය මෙම තත්ත්වය පාලනය කරගැනීමට අපොහොසත් වී ඇති බවට චෝදනා නැගෙයි.

Read More

කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳව විමර්ශනය කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගිය බදාදා රටේ බුද්ධි අංශවලට නියෝග කළේය. ’’වෛරසය ආසාදිත සතෙකු සමග මිනිස් සම්බන්ධතාවයෙන් හෝ රසායනාගාර අනතුරකින් මතුවී ඇත්ද’’ යන්න සොයා බැලීම බයිඩන්ගේ නියෝගය විය. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය එක්ව මාර්තු මස අගදී කරන ලද වාර්තාවකින් මෙසේ විද්‍යාගාරයකින් ඉස්මතු වූ න්‍යාය සම්පූර්ණයෙන්ම බැහැර කළේය.

Read More

නිෂ්පාදන හා ඉදිකිරීම් ව්‍යාපාර යන අංශ දෙක සඳහා මෙම සීමාවන් ලිහිල් කර ඇති අතර, එසේ ව්‍යාපාරය නැවත ආරම්භ කරන සමාගම්වලට කොවිඩ්-19 පූර්වෝපායන් සහ වැඩ මුර ක්‍රමය දැඩි ලෙස අනුගමනය කළ යුතුය. මෙම ස්ථානවල සේවකයන් කොවිඩ්-19 සඳහා අහඹු ලෙස බලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 170,174,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බොරිස් ජොන්සන්ගේ සංකීර්ණ පෞද්ගලික ජීවිතය නිසාම ඔහු හඳුන්වන්නේ, ’’බොන්කින් බොරිස්’’ ලෙසිනි. අවිවාහක සම්බන්ධතාවක් ගැන බොරු කීම නිසා විපක්ෂයේ සිටියදී ඔහු වරක් කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති කණ්ඩායමෙන්ද ඉවත් කරන ලදී. ඔහු දෙවරක් දික්කසාද වී ඇති අතර, ඔහුට දරුවන් කීදෙනෙක් සිටිනවාදැයි පැවසීම ප්‍රතික්ෂේප කරයි.

Read More

’’ඔබ ආබාධිත හෝ සාමාන්‍ය වුවත්, ඔබට ඇස් පෙනීම නැති වී හෝ කකුල් හෝ අත් හෝ නොමැති වුවත් එය වැදගත් වන්නේ නැහැ. ඔබට ශක්තිමත් මනසක් ඇතිතාක් කල් ඒවා වැදගත් වන්නේ නැහැ.’’ චීන කඳු නගින්නෙකු වූ 46 හැවිරිදි ෂැං හොං, එවරස්ට් කන්ද දෑස් නොපෙනී තරණය කළ ආසියාවේ පළමු මිනිසා මෙන්ම, එවැනි වික්‍රමයක් කළ ලොව තෙවැනි පුද්ගලයා බවට පත්වෙමින් කියයි.

Read More

ස්පුට්නික්-වී කොවිඩ්-19 මර්දන එන්නත පළමු මාත්‍රාව ලබාගෙන දින 21 සිට මාස 3ක් අතර පරතරයකින් එහි දෙවැනි මාත්‍රාව ලබාදිය හැකි බව එම එන්නත නිපදවූ රුසියාවේ ගමාලියා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් ජින්ට්ස්බර්ග් පවසයි.

Read More

බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු වෛරස ප්‍රභේදයන් මුසුවූ වේගවත් සහ වාතය හරහා ව්‍යාප්ත වන හයිබ්‍රිඩ් ප්‍රභේදයක් රට තුළ ඉස්මතු වීම හේතුවෙන් මෙම පියවර හඳුන්වාදී ඇත.

Read More

ඉන්දියාවේ පසුගිය පැය 24 තුළ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 165,553ක් වාර්තා කර ඇති අතර, එය දින 46ක් තුළ වාර්තා වූ අඩුම ආසාදන සංඛ්‍යාව බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

Read More

ලෝන්ග් මාර්ච් 7 රොකට්ටුවෙන් ඉහළට එසවුණු ටියැන්ෂු-2 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ටියැන්හේ මොඩියුලය වෙත සාර්ථකව ළඟාවී තිබේ.

Read More

වියට්නාමය විසින් ඉන්දියානු සහ එක්සත් රාජධානියේ ප්‍රභේදවල එකතුවක් ලෙස පෙනෙන කොවිඩ්-19 නව හයිබ්‍රිඩ් ප්‍රභේදයක් සොයාගෙන ඇති අතර, එය ඉක්මනින් වාතය හරහා ව්‍යාප්ත විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ඉතා භයානක වෛරස ප්‍රභේදයක් ලෙස හඳුන්වා දෙමිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 169,760,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන කැතරීන් (කේට්) මිඩ්ල්ටන් කුමරිය කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් මිලියන සංඛ්‍යාත බ්‍රිතාන්‍යයන් අතරට එක්වෙමින් ඊයේ (28දා) සිය පළමු එන්නත් මාත්‍රාව ලබාගත්තේ, සිය ස්වාමිපුරුෂයා වූ විලියම් කුමරු එන්නත ලබාගෙන සති කිහිපයකට පසුවය.

Read More

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සතියක් පුරා දැඩි ලොක්ඩවුන් තත්ත්වයක් යටතේ පවතින අතර, නිවැසියන්ට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස ප්‍රාන්ත බලධාරීන් දැඩිව බලකර තිබේ.

Read More

යුද්ධයෙන් විනාශ වූ රටක් සම්බන්ධයෙන් තම පාලනය ජනතාව විශ්වාස කර ඇති බව අසාද් පවසා සිටියත්, ඔහුගේ විරුද්ධවාදීන් සහ බටහිර පවසන්නේ එය වංචාවෙන් ලැබූ ජයග්‍රහණයක් බවයි.

Read More

ඉන්දියාව ගෙවීගිය පැය 24ක කාලය තුළ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 173,790 ක් වාර්තා කර ඇති අතර එය දින 45ක් තුළ එරටින් වාර්තා වූ අඩුම අගය බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

Read More

මැයි 24දා එරට තුළ කොවිඩ්-19 එන්නත් මිලියන 500ක් ලබාදීමේ කඩඉම පසු කළ අතර, එදින සිට දින 5ක් වැනි කෙටි කාලයක් තුළ එන්නත් මිලියන 100ක් ලබාදෙමින් මැයි 28දා එන්නත් මිලියන 600ක කඩඉම ඉතා වේගයෙන් පසුකර තිබේ.

Read More

රටේ දැවැන්ත එන්නත්කරණ ක්‍රියාවලිය අතරතුර චීනයේ කොවිඩ්-19 එන්නත් ලබාගත් ජනතාව සෑම මිලියනයකටම දැඩි සංකූලතා වාර්තා වූ සිද්ධීන් 119ක් තරම් (0.01%ක් තරම්) අඩු අගයක් ගන්නා බවත්, මෙය ඇතැම් බටහිර එන්නත් සඳහා වාර්තා වී ඇති දැඩි සංකූලතා සිද්ධීන් ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් චීනයේ එන්නත් නියාමකයන් පවසයි.

Read More

කැනේඩියානු කාටූන් ශිල්පීන් පවා මෙම සිදුවීම හාස්‍යයට ලක්කර තිබුණේ, කතානායකවරයා මන්ත්‍රීවරුන්ට මුඛ ආවරණවලට අමතරව, කලිසම්ද ඇඳගෙන සභාවාරයට සහභාගී වීමට අමතක නොකරන ලෙස සිහිපත් කරන දේශපාලන කාටූන් සමගිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.