ආසාදිතයන් අඩුවන තුරු ඔස්ට්‍රේලියා අගුලු නොඅරී
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ මෙල්බර්න් ප්‍රාන්තයේ කොවිඩ්-19 සීමාවන් ලිහිල් කිරීමේ සැලසුම ආසාදිතයන් අඩුවන තුරු මෙම සතියේ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.
එරට දෙවැනි වැඩිම ජනාකීර්ණ ප්‍රාන්තය වන වික්ටෝරියා මැයි 27දා සතියක හදිසි අගුලු දැමීමකට ලක් වූ අතර, අත්‍යවශ්‍ය ව්‍යාපාර හැර මිලියන 7ක පදිංචිකරුවන්ට නිවාසවල රැඳී සිටීමට සිදුවිය.
පසුව මෙල්බර්න් හි අගුලු දැමීම ජුනි 10දා දක්වා දීර්ඝ කළ අතර, ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවල සමහර සීමාවන් ලිහිල් කරන ලදී.
දැනට දේශීය පොකුරු හා සම්බන්ධ දේශීය වශයෙන් හඳුනා ගත් නව ආසාදිතයන් දෙදෙනෙකු අඟහරුවාදා වාර්තා වී ඇති අතර, එය දිනකට පෙර ආසාදිතයන් 11ක් විය.
වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ මෙල්බර්න් හි මාධ්‍යවේදීන් අමතමින්, "අපට කිසිවිටෙකත් නව ආසාදිතයන් දැකීමට අවශ්‍ය නැහැ. පවතින ආසාදිතයන් සමග පැහැදිලි සම්බන්ධතා ඇති සිද්ධීන් නැවත අපට දැකගන්නට ලැබෙන්න පුළුවන්." යනුවෙනි.
මර්ලිනෝ පැවසුවේ මැයි 8දා මෙල්බර්න් හි හෝටල් නිරෝධායනයට ඇතුළු වූ විදේශීය සංචාරකයෙකු සමඟ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සංසරණය වී ඇති බව අනාවරණය කරගත් බවයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

