හංගේරියාව සීමා ඉවත්කළ නිසා මංගල සීනු හැඬවෙයි
තරුණ හංගේරියානු පරිපූරක වෛද්‍යවරයකු වූ මාටින් අසාලොස්ට සහ පශු වෛද්‍ය එනිකෝ ටොකාක්ස්-මාතේට කොවිඩ්-19 වසංගතය අතරතුර තෙවරක් ඔවුන්ගේ විවාහය අවලංගු කිරීමට සිදු වුවත්, එන්නත්කරණය සමග ප්‍රජා ප්‍රතිශක්තීකරණයක් අත්කර ගෙන ඇති හංගේරියාව වසංගත සීමාවන් ඉවත්කර ඇති නිසා මෙම ගිම්හානයේදී ඔවුන් විවාහ වීමට සූදානම් වෙයි.
වර්ෂ 2016 දී එකිනෙකා හඳුනාගත් මෙම යුවළ අවසානයේදී ඔවුන්ගේ විවාහයට සූදානම් වනවිට කොවිඩ්-19 වසංගතය විසින් සියල්ල උඩු යටිකුරු කර තිබුණි. ඒ නිසා පසුගිය මාස 18ක කාලයක් ඔවුන්ට විවාහය සඳහා බලා සිටීමට සිදුවූයේ දැඩි කණස්සල්ලකිනි.
"වසංගතය නිසා අපේ විවාහ මංගල්‍යය දිනය හා ස්ථානය තුන්වැනි වතාවටත් නැවත වෙනස් කිරීමට සිදුවුණා. මගේ පෙම්වතා ගිලන් රථයක සේවය කරන නිසා ඔහු මේ වසංගතය තුළ විශාල ශාරීරික හා මානසික වෙහෙසකටද පත්ව සිටියා." යැයි 30 හැවිරිදි එනිකෝ පැවසීය.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම දැන් සතුටට පත්ව සිටින්නේ සියලු ඥාතීන් හා අමුත්තන් පිරිවරා ගෙන අවසානයේදී ඔවුන්ගේ සුවිශේෂී මංගල දිනය සුපුරුදු පරිදි සැමරීමට අවස්ථාව හිමිවීම නිසාය.
හංගේරියාවේ සමස්ත ජනගහනයෙන් 53%ක් ඉක්මවා කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගැනීමත් සමග සීමා ලිහිල් කරමින් මේ ආකාරයෙන් සුපුරුදු විවාහ උත්සව වෙනුවෙන්ද යළි අවසරය ලබාදී තිබේ.







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

