මහද්වීප හත තුළ පිහිටි උස් කඳු මුදුන්
පෘථිවියේ තිබෙන භූවිෂමතා අතරින් කඳුවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වසර ලක්ෂ ගණනක සිට පොළොව අභ්‍යන්තරයේ සිදු වූ නොයෙකුත් විපර්යාසවල ප්‍රතිඵලයක් වශයෙන් කඳු නිර්මාණය වී තිබේ. සානු, තැනිතලා,හෙල් ආදියෙන් සමන්විත කඳු, පාරිසරික සමතුලිතතාව රැකගැනීමට බෙහෙවින් දායක වේ. ඒ අනුව මහද්වීපයන්හි පිහිටි උසම කඳු පන්ති පිළිබඳ තොරතුරු අප මේ ඔස්සේ ගෙන එන්නෙමු.
එවරස්ට් කන්ද
වර්ග කිලෝමීටර් 44,579,000 ප්‍රමාණයක පැතිරී තිබෙන ආසියා මහද්වීපයේ උසම ස්ථානය මෙය වන අතර, ලෝකයේ උසම කන්ද වන්නේද එවර්ස්ට් කඳු මුදුනයි. මෙම කඳු මුඳුනේ උස මුහුදු මට්ටමේ සිට ගත්කළ මීටර් 8848කි.
කොසියුස්කෝ කන්ද
කොසියුස්කෝ කඳු මුදුන පිහිටා තිබෙනුයේ වර්ග කිලෝමීටර් 7681,940ක භූමි ප්‍රමාණයක පිහිටි ඔස්ට්‍රේලියා මහද්වීපයේය. මෙම කන්දේ උස මුහුදු මට්ටමේ සිට ගත්කළ මීටර් 2228කි.
මැංකිලි කන්දයි
උතුරු ඇමෙරිකා මහද්වීපයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 24,257,940කි. එහි පිහිටි උසම සථානය ලෙස සැලකෙන්නේ මැංකිලි කඳු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට ගත්කළ මීටර් 6194කි.
ආකෝන්කුගුවා කන්ද
මුහුදු මට්ටමේ සිට ගත්කළ උසින් මීටර් 6962ක් වන ආකෝන්කුගුවා කඳු මුදුන පිහිටා තිබෙනුයේ වර්ග කිලෝමීටර් 17,821,790ක පැතිරී තිබෙන්නා වූ දකුණු ඇමෙරිකා මහද්වීපය තුළය.
වින්සන් මයිප් කන්ද
ඇන්ටාක්ටිකා මහද්වීපයේ උසම ස්ථානය ලෙසින් සැලකෙන්නේ වින්සන් මයිප් කඳු මුදුනයි. මෙම කන්දේ උස මුහුදු මට්ටමේ සිට ගත්කළ මීටර් 4892කි. ඇන්ටාක්ටිකා මහද්වීපයේ වර්ග කිලෝමීටර් 13,209,000ක මෙය පැතිරී තිබේ.
එල්බෘස් කන්ද
එල්බෘස් කන්ද පිහිටා තිබෙනුයේ වර්ග කිලෝමීටර් 10,480,000ක භූමි ප්‍රමාණයක පිහිටි යුරෝපා මහද්වීපය තුළය. මුහුදු මට්ටමේ සිට ගත්කළ මෙහි උස මීටර් 5642 කි.
කිබෝ කන්ද
අප්‍රිකා මහද්වීපය වර්ග කිලෝමීටර් 30,221,532 තුළ පැතිරී තිබේ. මෙම මහද්වීපය තුළ පිහිටි උසම ස්ථානය වන්නේ කිබෝ කඳු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට ගත්කළ මීටර් 5895කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








