ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
යුරෝපය පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමගම , ස්විට්සර්ලන්තයේ සිට " edelweiss " ගුවන් සේවය ශීත ඍතු
ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් , එහි ප්රථම මංගල ගුවන් යානය 10/27 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ගුවන් ගමන සදහා ඒ.- 340 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය 10/27 දින උදෑසන 07.50 ට ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට ගුවන් මගීන් 290 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 16 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් සේවය තම ශීත ඍතු ගුවන් ගමන් සේවා සදහා ඒ.- 340 එයාර් බස් ගුවන් යානා මෙන්ම ඒ.- 350 එයාර් බස් වර්ගයේ ගුවන් යානා ද යෙදවීමට බලාපොරොත්තු වන අතර , ඔවුන් 10/27 දින සිට එළඹෙන 2027 වසරේ 05/15 දින දක්වා ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා ගුවන් ගමන් වාර 65 ක් ක්රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ .
මින්පසුව සෑම සතියකම දින 03 ක් ,එනම් සදුදා , බදාදා සහ සිකුරාදා දින වල ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සහ ශ්රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මෙම ගුවන් ගමන් සේවා ක්රියාත්මක වීමට නියමිතය .
මෙම ගුවන් මගීන් පිළිගැනීම සදහා ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන අධිකාරියේ නිලධාරීවරුන් මෙන්ම සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ
.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

