අටසිල් සමාදන් වී අනුරාධපුරයට පා ගමනින් යන තරුණයා
ලක්වාසීන්ට සහ ලෝකවාසීන්ට කොරෝනා උවදුරෙන් මිදීමට හැකි වේවායි පතමින් අටසිල් සමාදන් වූ විසි එක් හැවිරිදි අයගම තරුණයෙක් පාගමනින් ජයශ්‍රී බෝ සමි`දුන් සහ රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත යන අධිෂ්ඨාන පූජාමය පාගමනක මේ දිනවල නිරතව සිටියි.
අයගම ඩබ්.අයි. අනුර ප්‍රේමසිරි නැමැති 21 හැවිරිදි තරුණයා මෙම අධිෂ්ඨාන පාගමනේ නිරතව සිටියි. ජයශ්‍රී මහ බෝ සමිඳුන් සහ රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු පහන් දහසක ආලෝක පූජාවක් ද එහි දී පැවැත්වීමට ඔහු බලාපොරොත්තු වෙයි.
අයගම සිරිසුමනාරාම සත්සති බෝධිමලූ විහාරස්ථානයේ දී අටසිල් සමාදන්වීමෙන් පසු පසුගිය 11දා පිටත් වූ ඔහු 14දා කෑගල්ලට ළඟා විය. සෞඛ්‍ය බලධාරීන්ගේ අනුදැනුම සහ අවසරය මත ඔහු මෙම ගමන පිටත්විය. සැතපුම් 250ක පමණ දුරක් මෙම ගමනට ඇත. ඔහු මේ ගමන යන්නේ පාවහන් යුගලක් ද නොමැතිව වීම විශේෂයකි.
කෑගල්ලේ සිට පොල්ගහවෙල, කුරුණෑගල, දඹුල්ල, කැකිරාව හරහා අනුරාධපුරයට ළඟාවීමට නියමිතය. දින දහතුනකින් මුලූ ගමන නිමා කිරිමට අනුර තරුණයා බලාපොරොත්තු වෙයි.
මෙම ගමන් මාර්ගයේදී හමුවන විහාරස්ථානවල ඔහු විවේක සහ නවාතැන් ගැනීමට නියමිත බවයි.



popular news
-
Kumar Wednesday, 15 September 2021 09:19 PM
Oaka boru wadak. Katawal ridenakal pirith kiyal athi pooja thiya athi thawama wenask naha neda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

