සති අන්ත නිවාඩුවට ශ්‍රී පාද වන්දනාවේ ගිය අයගේ හපන්කම් මෙන්න
සති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් ඇතැම් වන්දනාකරුවන් පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදා හැර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාපත පැවසිය.
නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය බැහැර කිරිම සඳහා කැලි කසල බදුන් සවි කර ඇතත් , එම කැලි කසල බදුන් වලට ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ක්‍රමවත් ආකාරයෙන් බැහැර නොකර පරිසරයට මුදා හැර ඇති බවයි මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සේවකයින් කියා සිටියේ.
දිනපතා ශ්‍රි පාද ඉදිකටු පහණ සිට නල්ලතන්නිය දක්වා ඇතැම් වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හැර ඇති ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ප්‍රාදේශිය සභාව විසින් එක්රැස් කරන බව වන්දනාකරුවන් දැක දැක ඇතැම් වන්දනාකරුවන් විසින් පරිසරය පිලිබදව කිසිදු තැකිමක් නොකර කටයුතු කරන බව සේවකයින් කියා සිටින්නේ.
වන්දනාකරුවන්ට අමතරව නල්ලතන්නියේ සංචාරක හෝටල් සහ ආපනශාලා හිමියන්ද ප්ලාස්ටික් වතුර බෝතල් විශාල වශයෙන් එකතු කර ප්‍රාදේශිය සභාව වෙත භාරදෙන බවත්, මේ වන විට මස්කෙලිය ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන නල්ලතන්නිය කැලි කසල ප්රතිචක්රිකරණ මධ්‍යස්ථානයේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කලයක් තුල ටෝන් දහයකට අධික ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් කර ඇති බවයි නල්ලතන්නිය කැලි කසල ප්රතිචක්රිකරණ මධ්‍යස්ථානයේ කලමණාකාරු ඒ.ඩබ්ලිව්.හේමන්ත මහතා කියා සිටියේ.








popular news
-
සත්‍යපාල Thursday, 09 March 2023 09:34 AM
මෙම පත්තරේ අදහස් එවන්න කිව්වට බලන කෙනෙක් නැහැ අදහස් පලකරන්නෙ නැහැ ඒත් ඇත්ත කියන්න වෙනත් පත්තරයක් නැහැ මම පෙබරවාරි 20සදුදා ශ්‍රීපාද වන්දනාවේ ගියා පෙරදින කියන්නෙ 18-19 අතිවිශාල ජනතාවක් වන්දනාවේ ගිහිල්ලා තිබුනා මාර්ගය දෙපසම අතිවිශාල වශයෙන් ප්ලාස්ටික් බෝතල් ,පොලිතීන් සෙරෙප්පු ගොඩගැසී තිබුනා මම හිතන ආකාරයට කන්ද නගින පිරිස් වම දකුණ නොබලා නගින නිසා බොහෝවිට තදබදය හා රස්තියාදු වීම වෙනවා දකුණෙන් නගින්න කිව්වට සමහරක් අය කරන්නෙ මාර්ගයේ වාහන වමෙන් යන ක්‍රමය අනුව වම දකුණ මාරුකර නගිනවා බහිනවා අඩුම තරමින් නල්ලතන්නියේ සිට මාර්ගයේ අඩි සළකුණු පිහිටුවා තිබුනොත් හා දකුණු පැත්තේ අත්වැටේ මේ පැත්තෙන් නගින්න කියලා දැන්වීම් එල්ලා තැබුවොත් අකුරු දන්නා අයවත් හරියට ගමන් කරාවි එහෙම වුනොත් චුට්ටක් හෝ තදබදය අඩුවේවි රස්තියාදු වැඩිවුනාම මිනිස්සු කේන්තියට පරිසරයට හානි කරනවා වැසිකිළි ගියාම කාටද පුළුවන් පනහක් දෙන්න මිනිස්සු කැලේට යනවා කඩහිමියො කැලේ කපා දර ගන්නවා අපිට දවාලේ කැලේ කපනවා ඇහුනා හාමුදුරුවෝ කඩවල් දාගෙන හම්බකරනවා මිනිස්සු හැදෙයිද සභාපති උන්නැහේ
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

