දැනට වගා කරන කුඹුරුවලින් තුනෙන් එකක වී වගාව නතර කළ යුතුයි
"කවුරු අකමැති වුනත් කැමති වුණත් අපි වගා කරන කුඹුරු සැලකිය යුතු මට්ටමේ ප්‍රමාණයක් වගා කටයුතු කිරීම නතර කරන්න වෙනවාමයි. දැනට වගා කරන කුඹුරුවලින් තුනෙන් එකක්වත් නතර කලේ නැත්නම් ගොවි මහත්තුරුයි, රටේ ආර්ථිකයයි කෘෂි කර්මාන්තයයි බරපතළ අර්බුදයකට යනවා,වී අලෙවි මණ්ඩලය සතුව වී තොග වෙළඳපොළට දැම්මොත් වී මිල තවත් වැටෙනවා.හාල්මිලත් වැටෙනවා, හාල්මිලත් ඕනෑවට වඩා වට්ටන්න බෑ."යැයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පොළොන්නරුව හිඟුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ 26 වෙනිදා පැවති සුපිරි වී යාය වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේය.
මෙරට වී වගාවේ ඵලදායිතාව ඉහළ නංවා හෙක්ටයාර් එකකින් මෙට්‍රික් ටොන් 10 ක් දක්වා අස්වැන්නක් ලබාගත හැකි බව ප්‍රායෝගිකව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක "සුපිරි වී යාය "ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැත්විණි.
"අපට සහල් පදනම් කරගත්ත වෙනත් උත්තරයක් හොයන්න වෙනවා. එක්කෝ රටින් පිට කරන්න ඕන, අපි හොයමින් ඉන්නෙ මේ දවස්වල. එළැඹෙන මාස් කන්නේ අස්වන්න එන්න කලින්, අපට බරපතල ප්‍රශ්නයක් මතු වෙනවා, ගොවි මහත්තුරු වී වගා කරත් විකුනන්න තැනක් නෑ ලංකාවේ.ඒක තමයි ඇත්ත.
දැනටත් අපි ළඟ බඩු තියනවා පිරිලා. අපි යන්න ඕන වෙනත් බෝග වලට.ඒ නිසා අපි හම්බන්තොටින් පටන් ගත්තා කුඹුරු අක්කරයකින් අටෙන් එකක් කුරක්කන් වලට යොමු වෙන්න.ඒකට අපි අමතරව රුපියල් දාහදාහකුත් දෙනවා.කුරක්කන් හිටවන්න ඕනි.අලුතින් කුඹුරු අක්කරයක් වත් වැඩි කරන්න ඕනෑ නෑ.
එහෙම කිව්වම අපිට බනිනවා,අපිට බැනුම් අහලා පුරුදුයි.අපි මේ වී වගා කරන්නේ කාට කන්න දෙන්නද, ඒ නිසා කුඹුරුවල වී වගාවට අමතරව වෙනත් ස්ථිර භෝග වගා කළ යුතුමයි.අපි පර්යේෂණාගාරවල තියෙන සේරම කියනවා මහපොළොවට. ඒක ජනාධිපතිතුමත් කිව්වා.පොළොන්නරුවේ සීයට අනූවක් වී වගා කරනවා.
ගොවියෝ ගොඩ ගිහිල නෑ. ආර්ථිකය හොඳද,නැත්තං ගොවියා දුප්පත්ද, පරම්පරා කීයක් වී වගා කරාද, ආර්ථිකය දිනුවද, ශක්තිමත් වුණාද නෑ.වී වගාව අපේ ආර්ථික භෝගයක් නෙවෙයි කුරක්කං ආර්ථික භෝගයක් කරගන්න පුළුවන්. අපිට අනිවාර්යෙන් අතිරේක බෝග වගාවක් ලෙස පොල් කුරුඳු කෙසෙල්, අඹ බඩ ඉරිගු, අන්නාසි, වරකා,කොස්, පොලොස්, සැලකිය යුතු මට්ටමක් වගා කරන්න වෙනවාමයි,
මේවාට වෙළඳපොළ ප්‍රශ්නයක් ඇතිවෙන්න නෑ.අපි රට යවන්න දැනටමත් කටයුතු කරනවා. වී වලට දැන් මිලක් නෑ. රුපියල් 70 ට 80 ට 102 ට යනවා. ඒ නිසා අපි මේකේ පෙරළියක් කරන්නම ඕනේ. අපේ ළමයිට මේවේ ගුණාත්මකභාවය වැඩි කරන්නත් වෙනවාමයි.පොළොව මැරිලා තියෙන්නේ.ඒවට ජීවය දෙන්න ඕනේ. පශු සම්පත් පැත්ත ඉස්සරහට ගන්න ඕනේ,වැඩි කරන්න ඕනේ. අද වෛද්‍යවරු කියන්නේ ප්‍රෝටීන් කන ප්‍රමාණය මදි,කාබෝහයිඩ්රේට් කන ප්‍රමාණය වැඩියි කියලා.මගේ අමාත්‍යාංශයට හොඳ ආයතන ප්‍රධානින් ටිකක් දැන් වෙනකොට ඉන්නවා, අපි එනකොට හිටපු අයගෙන් මේක ඉස්සරහට ගන්න බැරි වුණ" යැයි ද ලාල් කාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් කිව්වේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
