මාදැල් දෙකකට රුපියල් කෝටි 4ක් බොම්බර් පරව් අස්වැන්නක්
මුන්දලම උඩප්පුව පෙරියපාඩුව මාදැල් දෙකකට බෙම්බර් පරව් කිලෝ 50,000 කට ආසන්න දැවැන්ත මත්ස්‍ය අස්වැන්නක් ලැබි ඇති බව මාදැල්කරුවන් පවසයි. උඩප්පුවේ මාදැල් හිමිකරුවෙකුට හා සින්නපාඩුව මාදැල්කරුවකුට මෙලෙස මෙම බෙම්බර් පරව් අස්වැන්න ලැබි ඇති බව කියයි.
මෙලෙස මාදැල් දෙකකට බෙම්බර් පරව් කිලෝ 50,000 ලැබි ඇත්තේ මෙම වසරේ මාදැලකට අසුවු විශාලතම මත්ස්‍ය අස්වැන්න ලෙස බවයි මාදැල් කර්මාන්ත කරුවන් පවසන්නේ.
එලෙස ලැබි ඇති බෙම්බර් පරව් කිලෝ 50,000 ක තොගය කිලෝව රුපියල් 800 බැගින් අලේවි කිරීමට කටයුතු කර තිබුනී. මාදැල් කර්මාන්තකරුවන් පවසන්නේ මෙය රුපියල් කෝටි 40,000,000 (කෝටි හතරකට ) වැඩි මිලකට අලේවි වු බවයි.
මෙම විශාල මත්ස්‍ය අස්වැන්න දැක බලා ගැනිමට විශාල පිරිසක් පෙරියපාඩු වෙරළට පැමින තිබෙනු දැක ගත හැකි විය. කෙසේ වෙතත් පසුගිය වසර වලද විශාල වශයෙන් මාදැල් සදහා පරව් අස්වැන්නක් ලැබි තිබු බව කියයි.
මෙම මාදැල් දෙකකට ලැබි තිබු බෙම්බර් පරව් තොග ට්‍රැක්ටර් වලින් මාදැල් වාඩි වෙත රැගෙන යාමට කටයුතු කර ඉන් පසුව විවිධ ප්‍රදේශ වලින් පැමින සිටි ගැනුම් කරුවන්ට අලේවි කිරීම සිදුව තිබුනී.
හිරාන් ප්‍රියංකර





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
