සයිටම් ආයතනයට නැවත පණ දෙන්න හදනවා - IUSF
ජනතා බලවේගවලින් පරාජයට පත් කළ සයිටම් ආයතනයට නැවත පණ ලබාදී අධ්‍යාපනය මුදලට විකිණීම සඳහා ආණ්ඩුව තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත ගෙන ඒමට උත්සාහ කරන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
විවිධ නම්වලට මුවා වී ආණ්ඩුව අධ්‍යාපනය විනාශ කර දැමීමට උත්සාහ කරමින් සිටින බවත්, මේ නිසා ආණ්ඩුවේ උත්සාහය පරාජයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කරන පනත් කෙටුම්පත වහාම අහෝසි කරන ලෙස ඉල්ලා අද (05දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධතා පාගමනක් පැවැත්විය.
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට විරෝධතා පාගමන ගමන් කළද, ලෝටස් මාර්ගයේදී පොලීසිය මාර්ග බාධක යොදා පාගමන ඉදිරියට ගමන් කිරීම වැළැක්වූ අතර, පිරිස විසිරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු








popular news
-
Dayan Monday, 05 August 2019 04:51 PM
ආණ්ඩුවට වඩා අද්යාපනය විනාශ කරන්නේ මේ අන්තර් විස්ව්විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියන එකය්.මෝඩ නොවී ඉගෙන ගනිල්ලා.
Reply : 0 8
kapila Wednesday, 07 August 2019 08:16 AM
අන්තරේට තවම අතාඋල්ලගේ ෂරියා විශ්ව්ක විද්‍යාලය පෙනිලා නෑ. ඒවාට විරුද්ධ නොවෙන්නේ සිසු නායකයෝ ජරාව කාලද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

