ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂී අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.
"හෙට දකින රනිල්" නමින් නම් කර තිඛෙන ප්‍රදර්ශනය අද සිට 20 වනදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා විවෘතව තැබේ. ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය.
1977 වසරේ එවකට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණු රනිල් වික්‍රමසිංහ මහතා ලාංකේය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් හෙබ වූ අතර, දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ ඒ මහතා සිදුකළ ජාතික මෙහෙවර ඇගයීම මෙම ප්‍රදර්ශනයේ ප්රමුඛ අරමුණ වේ.
රජයේ මැති ඇමතිවරු රැසක් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක්ද ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
පොලීසියේ වැටුප කැපවීමට ප්‍රමාණවත් නෑ
දුරකතනය බැලූ දියණිය පියාගේ කැති පහරින් මරුට
සිදුවෙන්නට ගිය මහ අනතුරක් නූලෙන් වැළකෙයි
ලෝක විවාහක රූ රුජින කිරුළ තායිලන්තයට ලංකාවට තුන්වැනි තැන
මන්ත්‍රී ජගත් මනුවරණට වරෙන්තු
අලුත් ජාවාරමක් ගැන සර්ට් කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd