ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා
විශ්‍රාමිකව සිටින කලාකරුවන් වෙනුවෙන් ගෙවන මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමට රජය කටයුතු කර තිබේ. දේශීය සිනමාව පෝෂණය කිරීමට කාලය ශ්‍රමය කැප කර ශ්රාමිකව සිටින කලාකරුවන් ඇගයීමට මෙම දීමනාව ප්‍රධානය කරයි.
එම මුදල් ලබාදීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්විණි.
දීමනා ප්රදානය සංකේතවත් කරමින් කලාකරුවන් 20 දෙනෙකු වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මෙරට සිනමා ක්ෂේත්රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවෙකු හා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වූ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතාගේ ඡායාරූපයක් ජාතික චිත්‍රපට සංස්ථාව තුළ නිරාවරණය කිරීම ද මෙහිදී සිදුවිය.
popular news
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් හදයි
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
මන්ත්‍රී අර්චුනාට සිංහල රණවිරුවන්ගේ අගය තේරෙයි
මොනරාගල සියලු සුරක්ෂිතතා කඳවුරු වසා දමයි
දැඩි හානි වූ බස් රථ හතරක් හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd