පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය ජනපති ඉවත් කරගනියි?
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනිමට ඔහුගෙන් ඉඟියක් ලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්රී මනේ ගනේෂන් මහතා පවසයි.
ඊයේ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා දිගු විස්තරයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
මෙහිදී එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවටත් මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය නොමැති බවට පිළිගත් බවත් ඔහු සඳහන් කරයි.
නැවත වතාවක් පාර්ලිමේන්තු සැසිවාරය කල් නොදමන බවට ජනපතිවරයා පැවැසූ බවත් ඔහු පවසයි.
එසේම පාර්ලිමේන්තුවේදී සිදුවූ සිදුවීම් පිළිබඳව ඔහු කනගාටුව ප්රකාශ කළ බවත් නැවත වරක් රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස පත්නොකරන බවට ජනපතිවරයා ප්රකාශ කිරීමත් සමග සාකච්ඡා අවසන් වූ බවත් ඔහු පවසයි.
මේ අනුව නැවතවරක් ජනපතිවරයා හා සාකච්ඡාවක් ඉරිදා දිනයේදී පැවැත්වෙන බවත් ඔහු ප්රකාශ කරයි.
popular news
-
nirupa Saturday, 01 December 2018 04:38 PM
බොරු කියන කොට ??? දමල තමය කියන්නේ
Reply : 0 0
De silva Saturday, 01 December 2018 06:07 PM
President first should read first the 19A and act accordingly.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

