saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 8981 hours ago

LATEST

හුදෙකලා බව ඉවත් කිරීමේ නවතම නිවේදනය

calendar_today 2021 පෙබ 09 - 10:06 remove_red_eye - 400  

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා හුදෙකලා කර තිබූ මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.

කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා කාත්තන්කුඩිය ප්‍රදේශයේ තවදුරටත් හුදෙකලා කර තිබූ අවසන් ග්‍රාම සේවා වසම් 10 ද මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කළාය.

Read More

අද (08) කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත මේ වන විට පුද්ගලයන් 161773කට ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි

Read More

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතටහුදෙකලා කර තිබූ ප්‍ර දේශ කිහිපයක් හෙට (08දා) උදෑසන 5.00 සිට හුදෙකලා කිරීමෙන් ඉවත් කරන බව කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මේ අනුව ඉදිරි සතියේදී දුම්රිය ධාවනය අවලංගු වීම්, ප්‍රමාද වීම්, අඩාල වීම් සිදුවිය හැකි බව පෙන්වා දුන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට නොව රජයට බැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ ප්‍රවාහන අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් යොමු විය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

Read More

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 343කි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More

හුදෙකලා බව ඉවත් කිරීමට අලුතෙන් පැනවීමට කටයුතු කරන ප්‍රදේශ පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී ති​බේ.

Read More

මෙරට විවිධ අපරාධ සිදුකර විදේශ රටවලට පලා ගිය පුද්ගලයන් 129 දෙනකුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .

Read More

අපේ මව්බිම යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73 ක් වෙනවා. නිදහස දිනා ගැනීම සඳහා විවිධ කැපකිරීම් කල සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ බර්ගර් වැනි විවිධ ජන කොටස්වලට අයත් සියලූම නායකයන්ට අද දිනයේ අපේ ගෞරවය පුදකරනවා.

Read More

73 වැනි ජාතික නිදහස් දිනයට සමගාවීම යුද හමුදාවේ 8563කට උසස්වීම් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වෛද්‍යවරයෙක් මියගිය පළමු අවස්ථාව මෙය වෙයි.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට ලබා දී ඇති වසර හතරක සිර දඬුවම අහෝසි කරන ලෙසත් තමන් ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අද (01දා) විශේෂ ඇපෑලක් ගොනු කර තිබේ.

Read More

තවත් කෝවිඩ් මරණ 7ක් වාර්තා වෙයි.ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

2019 වසරේදී ශ්‍රී ලංකාව, ජපානය ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිකරගත් සහයෝගීතා ගිවිසුමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත් එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වරාය සුරැකීමේ වෘත්තිය සමිති අතර අද පැවති සාකච්ජාවේදී ප්‍රකාශ කර සිටියි.

Read More

හෙට උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බව ඉවත් කර තිබේ. ඒ අනුව පහත ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබේ.

Read More

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගියේය.

Read More

එන්නත් කිරීමේ වැඩසටහන හෙට දිනයේදී රට පුරා දියත් කිරීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවන අතර, එහිදී ශ්‍රි ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇත.

Read More

තවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

එන්නත දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) ආරම්භ කෙරේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ.

Read More

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 05 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය 01/28 දින දහවල් 11.35 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.

Read More

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබාදෙන අයගේ නම් ලැයිස්තුගත කර අවසන් බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ සිනෝෆාම් සමාගම නිපදවූ එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.