saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 8006 hours ago

LATEST

කොවිඩ් පරීක්ෂණ අඩුකිරීම තවත් රැල්ලකට අත වැනීමක්

calendar_today 2021 සැප් 20 - 16:28 remove_red_eye - 713  

කොවිඩ් පරීක්ෂණ අඩුකිරීම හේතුවෙන් දැනට ඇතිවෙමින් පවතින තත්ත්වය විද්‍යාත්මකව කියවා ගැනීමට නොහැකි බවත් පරීක්ෂණ අඩු කිරීම තවත් කොවිඩ් රැල්ලකට හේතුවක් විය හැකි බවත් ද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි.

2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

මෙරට බන්ධනාගාර තුළ ඉකුත් වර්ෂයේ (2020) බන්ධනාගාරගත කරනු ලැබු රැදවියන් 19856 දෙනාගෙන් රැදවියන් 1165 දෙනෙකු අ.පො.ස. උසස්පෙළ සමත් අය බව බන්ධනාගාර දේපාර්තමේන්තුව පවසයි. මෙකි රැදවියන් අතුරින් උපාධිධාරින් සංඛ්‍යාව 56 දෙනෙකි. අ.පො. ස. සාපෙළ සමත් රැදවියන් සංඛ්‍යාව 3845 දෙනෙකි.

Read More

ලබන වසර පුරාවටම වාහන ආනයනය ඇතුළුව ආනයනය සීමා කිරීමට යෝජිත නමුත් විදුලි කාර් ආනයනය දිරිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්‍ය අංශයේ අතිරේක වියදම් සීමා කෙරේ.

Read More

(UPDATE)බම්බලපිටිය ප්‍රදේශයේදි පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරින් දෙදෙනෙකුට පහරදිමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

Read More

ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත දැනට ලබා ඇති රෝග පාලනය ගිලිහී යාමට ඉඩ ඇති බව විශේෂඡ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

Read More

මෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට ජනපතිගෙන් උපදෙස් ... අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් .... ඔක්තෝබර් 01 නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට ... නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 අළුයම 4.00 දක්වා ...

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් මස 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

බන්ධනාගාර ඇමතිවරයා ලෙස තමන් බන්ධනාගාර දියුණු කිරීම වෙනුවෙන් සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු කළ බවත් එවැනි වැඩ කළ තමන්ට දැන් එල්ලවන චෝදනා වැනි “මෝඩ වැඩක් කරවි යැයි විශ්වාසකරන්නේ දැයි” හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

Read More

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් පූර්ණ කැපවීමක් හෝ හිතාමතාම ක්‍රීඩාංගණයේ දුර්වල ක්‍රීඩා විලාශයක් දැක්වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් හමුවීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේදි එම බන්ධනාගාරය වෙත යෑමට නියමිත බව වාර්තා වෙයි.

Read More

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ති​​බෙන අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබ තිබේ.

Read More

මේ පිළිබඳව අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇමති ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන පරික්ෂණයක් පැවැත්විය යුතු බවයි. එසේම ඔහුව අමාත්‍යධුරයෙන් ඉවත් කළ යුතු බවත් ටී.එන්.ඒ. පක්ෂය සිය ට්විටර් ගිණුමෙන් කියයි.

Read More

එන්නත්කරණය කඩිනම් කළා. ඒ ක්‍රියාවලිය වගේම ජනතා සහභාගිත්වයත් එක්ක රෝගීන්ගේ හා මරණවල අඩුවීමක් දක්නට ලැබෙනවා. සති හතරක කාලය හොඳටම ප්‍රමාණවත්. රෝගීන් අඩුවුණා. ලබන සඳුදායින් පසුව රට වහයි කියලා මම හිතන්නේ නෑ. රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි.

Read More

අපි කාගෙත් වගකීම තමයි ආර්ථිකය මැනවින් කළමණාකරණය කරගෙන. රටට බරක් ඇතිනොවන ආකාරයට මේ කටයුතු වලට එක්වීම.අනවශ්‍ය ආකාරයට රාජ්‍ය මුදල් අවභාවිත වෙනවානම් පෙන්වා දෙන්න.

Read More

ආහාර සුරක්ෂිතතාව, මිල පාලනයට ආදාළව අගෝස්තු 30 දා ශ්‍රී ලංකාව විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉතා සමීපව අධීක්ෂණය කරමින් පවතින එම කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැච්ලෙට් මහත්මිය පවසයි.

Read More

නවීන මන්ත්‍රී නිවාස 200ක් මාදිවෙල ඉදිකරයි - යොජනාව අගමැතිගෙන්..

Read More

පාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට රජය තීරණය කර තිබේ. පළමු අදියර යටතේ ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් සකස්කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියේ​ය.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ ජයන්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍157 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට පුද්ගලයින් 4ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 130 දෙනෙකු අයත්.

Read More

විශාල හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග විදේශීය සැකරුවන් 9ක් අත්අඩංගුවට.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 95.8කටම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ නවතම පරික්ෂණයක්න අනාවරණය වී තිබේ.

Read More

අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100% Cash margin Deposit) වහාව ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසා සිටියි.

Read More

පොලොන්නරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පැවතින සහල් තොග රජයට පවරා ගැනීම අද (08දා) සිදුවිය. ඒ අනුව නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න, සූරිය යන මහ පරිමාණ සහල් මෝල් සතුව පැවති සහල් තො ජනපති නියමයෙන් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් භාරයට ගනු ලැබීය.

Read More

කොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කියා සිටියේය.

Read More

කැබිනට් අමාත්‍යධුරයකට සමාන මහ බැංකු අධිපතිධුරයක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.